
(එම්. සුසිල් ප්‍රියන්ත)
ඉදුරුව බණ්ඩාරිගොඩ විහාරස්ථානයක විහාරගෙයි පිටුපස වළදමා තිබූ උණ්ඩ තොගයක් අද (16) සන්ධ්‍යා කාලයේදී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
පිස්තෝලවලට දමන උණ්ඩ 9 ක්, ටී පනස් හයට දමන උණ්ඩ 8 ක් හා ටී පනස් හය පුහුණු උණ්ඩ දෙකක් අතුළුව උණ්ඩ 19 ක් මෙසේ සොයා ගත් බවද පොලීසිය කියයි.
මේ විහාරස්ථානයේ පැවිදි වීමට සිටි දරුවන් දෙදෙනෙකු පැළයක් සිටුවීමට වළක් කපමින් සිටියදී පොලීතීන් වල ඔතා ප්ලාස්ටික් භාජනයක දමා තිබූ මේ උණ්ඩ තොගය හමුවී ඇති බවද පොලීසිය කියයි.
කොස්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයේ අවි ආයුධ වෙඩි උණ්ඩ නැතිව ඉතින් කොහොමද ආරක්ෂා කරන්නේ?
අන්තවාදීන්ගේ වැඩක්...