
(විමුක්ති එස් රුද්‍රිගු)
කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එම්.ඩී ජයරත්න නම් වයස 55 ක ග ණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අය පිළිබඳ මරණ පරික්ෂණයට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකට යටවී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සමඟ එකට මත්පැන් පානය කළ පුද්ගලයන්ට සහ එම සාදයට සහභාගී වූ පුද්ගලයන්ට කෝවිඩ් රෝගය වැළදීමේ අවදානමක් ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස් එස් අයි දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේකටත් බේබද්දන් ගෙට ගෙන්නාගෙන පාටි දාන අමනයින් ඉන්න රටක ළමා අපචාර වැඩියිලු...!
චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ඇසුරෙන් නිර්මාණය වුණු විහිළු අදහස් ඇති සම්මාන වර්ගයක් ගැන ඉංග්‍රීසි භාෂාවේ කියැවෙනවා. ඇත්තටම එහෙම සම්මානයක් නෑ. මේ කියවන සමහර අය අහලා ඇති ඩාවින් අවෝඩ්ස් ගැන. මේ ලිපිය දැක්කාම හිතුණා මිය ගිය තැනැත්තා ඩාවින් අවෝඩ් එකක් ලැබීමට සුදුසු කෙනෙක්ද කියලා. මියගිය අයට හිනාවෙන එක හොඳ නැති බව දන්නවා. ඒ නිසා සමාවත් ඉල්ලනවා...
මේව දැන් වනචාරි යුගයේ සිරිත් ගනයට ගිය දේවල්.ඉස්සර මේ උත්සව ගෙන තිඛෙන්නේ දීග දෙන්න පුලුවන් දැරියක ඉන්නවා කියන්නලු. අනික ඉස්සර දැන් තරම් අඩු වයසින් දැරියන් වැඩිවියට පත්වුනේ නැතිලු පෝෂණ ප්‍රශ්න වැනි දේ නිසා..