(ඩයනා උදයංගනී)
උතුරු අන්දමන් මුහුදු ප‍්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය ඉදිරි පැය 48 තුළ තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ හේතුවෙන් එම මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
ධීවර හා නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු අතර එම මුහුදු ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් වර්ධනය වන ලකුණු
රවින් Tuesday, 05 November 2019 10:24 AM
මේ කචල් හින්දා බඩ ගොස්තරේ හොයාගන්න හම්බුවෙන්නේ නැත්තේ අපේ අහිංසක ගොවි ජනතාවටයි, මුහුදු රස්සාව කරන අයටයි, තව එදිනෙදා කුලියක් මලියක් හොයාගෙන ඉන්න උදවියටයි.
සිරිමල් Tuesday, 05 November 2019 10:56 AM
ඕක ලංකාවට එන්නේ නෑ. බය වෙන්න එපා.
JAYALATH Tuesday, 05 November 2019 11:36 AM
මෙහි අයි වෝල් කොටස ඉතා විශාල වීමත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඉන්දියන් සාගරයේ විශාල ප්‍රදේශයක සුළග ඇදී ඒම නිසාත් දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.
Mahee Tuesday, 05 November 2019 11:50 AM
ගිගුරුම් සහිත වැසි වලින් අසරණ මිනිසුන්ට ඇති වන හානි ගැනත් ඒ එක්ක එන අකුණු හෙන ගෙඩි ප්‍රයෝජනයක් නැතුව අහක යන එක ගැනත් දුකයි.