(ඉන්දිකා රාමනායක)
සසුගස්කන්ද මාබිම පාරේ පිහිටි තෙල්පිරිපහදු මධ්‍යස්ථානය අසල මාර්ගයේ කැලි කසල ගොඩක කුඩා ගමන් බෑගයක දමා තිබු කාන්තාව ගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව ඝාතනය කර ඇත්තේ මට්ටක්කුලිය නිවසක දී බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ යෙහෙලියක් බව කියන කාන්තාවක් සහ ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මළ සිරුර ප්‍රවාහනය කළැයි කියන ලොරියක්ද පොලිස්බාරයට ගෙන තිබේ.
මියගිය කාන්තාව මාලිගාවත්ත මහල් නිවාස සංකර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd