IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘‘බක්මහ දිවුරුම‘‘ අප්‍රේල් 03 වැනිදා

(නිමල කොඩිතුවක්කු)

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වැනිදා පෙ.ව 8.15 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වේ.

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලු ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා කෙරේ.

සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන බක්මහ දිවුරුම සඳහා  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද එක්වීමට නියමිතය.

මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර ඒ හා සමගාමීව රාජ්‍ය සහ පෞද්ගලික අංශ පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක් කර ගැනීමට නියමිතය.

අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරේ.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක්වීමට නියමිතය. ඒ අනුව පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරනු ලබයි.



අදහස් (4)

‘‘බක්මහ දිවුරුම‘‘ අප්‍රේල් 03 වැනිදා

susantha Monday, 01 April 2019 02:49 PM

ඕකට ඉතින් නිමල් ලංසා, හිරුනිකා, මුජිබර් රහුමාන්, මරික්කාර්, රවී, මංගල, රාජිත, මර්වින් එහෙමත් එනවද දිවුරුම් දෙන්න...?

:       0       129

ලුම්බිණි Tuesday, 02 April 2019 02:27 AM

මොකටද මේ බොරු ෂෝ?

:       0       7

Mudali Tuesday, 02 April 2019 05:33 AM

යහතින් කෙරීගෙන ආපු වැදගත් කටයුත්තකට තුට්ටු දෙකේ දේශපාලනය කලවම් කරල ගඳ ගස්සන්න හදනවා වගෙයි….

:       0       0

Chandima Tuesday, 02 April 2019 06:09 AM

දිව්රලා ඊට පස්සෙත් සද්ද නැතුව ජාවාරම් කරගෙන යන අයගේ කටේ දිවේ ගෙඩි එනවා කියලා ජනාධිපතිතුමා හිතනවා වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site