
වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි 12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.
2020 වසරේ අවස්ථා තුනකදී පී.සී.ආර් කට්ටල 328ක් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ මිලදීගෙන ඇතැයි ද එහි දැක්වේ.
මෙම විගණන වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේ භාර දී ඇත.
එම මිලදී ගැනීම් කර ඇති කාලයේදී පී.සී.ආර් කට්ටලයක සාමාන්‍ය මිල රුපියල් 1,850ක් වුවත් එම කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 76කට වැඩි මුදලක් (රුපියල් මිලියන 762.96ක්) වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
අවම මිල සහිත ලංසු යටතේ ලබාදීමට නියමිත පී.සී.ආර් කට්ටල පවතින පී.සී.ආර් යන්ත්‍ර සමඟ නොගැළපීම නිසා ඒවා ප්‍රතික්‍ෂේප කර ඇතැයි සඳහන් වන අතර තාක්‍ෂණික ඇගයීම් කමිටුව ඇතැම් සමාගම්වලට වාසිදායක අයුරින් කටයුතු කර ඇත්තේ පැවති හදිසි තත්වය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය භාවිතා කරන යන්ත්‍ර වර්ගය හා අතීත අත්දැකීම් සළකා බවත් පැවසේ
ලංසු කැඳවීමට පෙර නිවැරදි ලෙස එම කට්ටලවල විශේතතා ද භාවිතාවන යන්ත්‍රවලට අනුරූප වන අයුරින් සූදානම් කර තිබී නැති බව වාර්තාවේ දැක්වේ.
තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව ඉහළ ලංසුකරුවකුගෙන් මිලදී ගැනීම් කිරීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් කෝටි 12.5ක පාඩුවක් විඳිමින් බව ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි ගියේ කාගේ පොකෙට්ටුවෙන්ද කියලා නොදන්නේ බයියෝ විතරයි.
කවුරුවත් හිනාවෙන්න එපා කිව්වට... මේකනම් හොඳටම කරලා තියෙනවා..
අදාල ඇමතිවරයා ගෙන් හා අමාත්‍යාංශයේ ලේකම් ගෙන් අයකරන්න එහෙම නැතුව කවදාවත්ම මෙවැනි හානි හා පාඩු නවතින්නේ නැහැ
මේ වගේ හොරකමට සහ එයට නීති හරිහැටි ක්‍රියාත්මක නොවෙන රටකට වැදගත් ආයෝජකයො එන්නෙ නෑ. මේ වගේ රටක් එක්ක ගනුදෙනු කරන්න පෙළඹෙන්නෙ හොරකමට නම්දරාපු රාජ්‍යයන් පමණයි.