අගහරු ග්‍රහයා වෙත යැවූ ඉන්සයිට් යානාව මඟින් පළමු වරට එම ග්‍රහලෝකය මත පවතින සුළඟේ ශබ්දය ග්‍රහණය කරගැනීමට හැකි වූ බව නාසා ආයතනය පැවසුවේය.
මෙම යානයේ භූකම්පනමානයක් සහ වායු පීඩන සංවේදකයක් සවිකර වායු කම්පන පටිගත කරන ලදී.
පසුව එම දත්ත ශබ්ද තරංග ලෙස ප්‍රතිනිර්මාණය කර බව නාසා විද්‍යාඥයෝ පැවසූහ.
යානාවේ අවට සුළඟයේ වේගය තත්පරයට මීටර් 5 සිට 7 අතර විය. අඟහරු මත පවතින තුනී වායු ගෝලයක් බැවින් සුළඟේ ශබ්දය ඉතා අඩු සංඛ්‍යාතයක් සහිත විය. එම නිසා එම ශබ්දය මිනිසාට ශ්‍රවණය කිරීමට නොහැකි තරම් දුරවල බව නාසා නිලධාරීහු පැවසුහ.
අගහරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය පෘතුවි වායුගෝලය මෙන් සියයට එකක් පමණි.
අගහරු මත ඇති සුළඟේ ශබ්දය ග්‍රහණය කර ගැනීම සැලසුම් නොකළ අවස්ථාවක් බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පැවසූහ.
(63226)
2025 නොවැම්බර් මස 21
51
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
154
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පළමු වරට අගහරු මත ඇති සුළඟේ ශබ්දය ග්‍රහණය කරගනී