
(ජයන්ත සමරකෝන්)
තැපැල් දෙපාර්තමේන්තුව විසින් පළාත් සභා නියෝජිතයන් වෙත නිකුත් කර ඇති හා ආපසු භාරදී ඇති මුද්දර මුද්‍රණය කිරීමේ යන්ත්‍ර සංඛ්‍යාව පිළිබඳව පූර්ණ වාර්තාවක් අගෝස්තු 31 වැනිදාට පෙර එහි විමර්ශන අංශය වෙතින් කැඳවා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ලංකාදීපයට අද(12) පැවසීය.
පළාත් සභා විසුරුවා හැරීමෙන් පසුවද දෙපාර්තමේන්තුව වෙත ඒවා ආපසු බාරදී නොමැති බවටත්, ඒ හේතුවෙන් විවිධ අක්‍රමිකතා සිදුවන බවටත් ලැබී ඇති පැමිණිලි මත එම යන්ත්‍ර භාවිතා කිරීම පිළිබඳ පූර්ණ වාර්තාවක් කැඳවූ බවද ඒ මහතා කීය.
බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්. පීරිස් මහතා මුද්දර මුද්‍රණ යන්ත්‍රයක් මගින් ව්‍යාජ මුද්දර අගයන් සටහන් කර ලිපි දහස් ගණනක් තැපෑලට යොමුකර ඇති බවට පොලිසිය කළ හෙළිදරව්වකට අනුව, මේ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ඔය තියෙන්නේ කරලා තියෙන දේවල්... මේ රට පාලනයට පත්වෙන්නේ හිඟන්නන්ම තමයි. ඒ අයව තෝරාගෙන වඩම්මන්නෙත් ඒ අයම තමයි.