
(සුජිත් හේවාජුලිගේ )
චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමේදී කිසිවකුට හෝ කොමිස් මුදලක් ලැබුණා දැයි සැකයක් මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම පොහොර නැව වෙනුවෙන් එක සත පහක් නොගෙවන බවටත් පොහොර නැවේ කිසිම දෙයක් නොගන්නා බවටත් මහින්දානන්ද අලූත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙයට පෙර පැවසූ නමුත් සිදුවී ඇත්තේ අනෙක් පැත්ත යැයිද හෙතෙම සඳහන් කළේය.
එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට සිදුවීම ජාතික අපරාධයක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සඳහා වගකිවයුතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවද ප්‍රකාශ කළේය.
COMMENTS
නැහැ එහෙම එකක් නැහැ.තියනවානම් අප්පච්චිගේ ෆයිල් වල තියෙන්න එපෑය
ඕක ඉතින් ආන්දලෝනාත්මක ප්‍රකාශයක් යැ , මොන්ටිසෝ්රි ලමයි පවා දන්න , විල මැද බංගලාවෙ එවුන් 225 ම දන්නෙ නැහැ වගේ ඉන්න සම්පූර්ණ ඇත්තක් නේ
ඉතිං ඔයත් මොකක් හරි දන්නා නිසා නෙ ඔහොම කියන්නේ . කෙලින් කියන්න අහවලාට මෙච්චර ගිහින් කියල. නැත්නම් අපි හිතන්නේ මඩ ගහනවා කියල විතරයි .
අන්තර්ජාලයේ අද පලවී ඇති වාර්තාවක්. උපුටා ගැනීම "ඉදිරියේදී එළඹෙන තීරණාත්මක මොහොතකදී ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා මැති ඇමතිවරුන් 41 දෙනෙකු මේ වනවිට ස්ථිරවම සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. ආණ්ඩුවේ පක්ෂ සහ කණ්ඩායම් අතර මෙන්ම විපක්ෂය සමඟත් ඔවුන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා සඳහා මීටත් වඩා වැඩි මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්. එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වූ පසුව, විපක්ෂ කණ්ඩායම් සමග කෙරෙන ඉදිරි දේශපාලන කටයුතුවලදී හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වීමට ද ඔවුන් එකඟතාව පළකර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. උපුටා ගැනීම අවසන්. "මේ අතර" බොහෝ මිනිසුන් දැනටමත දිනෙන් දින මාලිමාව වෙතට හැරෙමින් සිටින බව පෙනෙන්නට ඇති පසුබිමක හිටි අඩියේ උවිඳු විජේවීරට ලැබෙන ප්‍රචාරය ආණ්ඩුව ජවිපෙ ජනප්‍රියත්වය දියාරු කරන්නට ගන්නා උත්සාහයක්ද" කියා ප්‍රශ්න කරන්නටද සමහරු පටන්ගෙන ඇත...
එහෙනම් යන්තම් “ ගුටි කෑමට නියමිතයි” නාට්‍යයෙන් මේ අය නම් බේරෙයි. දේශපාලකයින්, ජනතාවගෙන් ගුටි කන එක ගැන දුක නැතිවුණත් දේශපාලකයින්ගේ මෙවැනි වගකීම් රහිත හැසිරීම් රට අරාජික කරවිය හැකි බැවින් එය භයානක වේ....
ඔබට බලය තිබෙනවා.. ඉතින් පියවරක් අරගෙන අපිට ප්‍රතිඵල පෙන්වන්න. අපට ඔබගේ දේවල් අහලාම හෙම්බත් වෙලා ඉන්නේ.
යුක්තිය සහ සාධාරණත්වය උදෙසා අධිකරණයට යන්න.
දැන් මේ මනුස්සයාට තියෙන්නේ පොහොර ගැනවත්, වන්දි දෙන එකවත් නෙවෙයි.. කවුද කොමිස් ගත්තේ කියලා.. මේ හැමෝටම තියෙන්නේ රටගැන කැක්කුමක් නෙමෙයි, කොමිස් ගැන ප්‍රශ්නයක්...
ඔබලා ඔය ආණ්ඩුවේ ඉඳන් කියන දේවල් පිළිගන්න අප සූදානම් නැත. පුළුවන් නම් ආණ්ඩුවෙන් එළියට බහින්න. ඊට පස්සේ බලන්නකෝ...
මේවා ගෙන්නපු අයගෙන් අයකළ යුතුයි. මේ අය ගහන කොමිස්වලට අපිද ඕවාට ගෙවන්නේ? පුදුම හොර රටක් මේක?