IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොහොට්ටු මන්ත්‍රීගේ නිවසට හානි කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් රිමාන්ඩ්

(ඩි.ජී.සුගතපාල)

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකුගේ  නිවසකට පහරදී නිවසේ භාණ්ඩවලට අලාබ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසියට අවශ්‍යව සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ  සොහොයුරෙකු අධිකරණයට බාර විමෙන් පසු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවෙ මලිගස්පේ කෝරලගේ තිසර ඉරෝෂන් නානායක්කාර නමැති  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙකි.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ  මන්ත්‍රි ගයාන් චාමර මධුසංක සතරසිංහ මහතා පදිංචිව සිටි පෝද්දල කොහොඹනාදෙණිය නිවසට පහරදී අලාබහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී මෙලෙස අධිකරණයට පැමිණ බාර වී තිබේ.

මෙම පහරදිම මුහුණු පොත හරහා පලකරන ලද ප්‍රකාශයක්  සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතු කරගෙන  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ සහෝදරයෙකු විසින් මෙහෙයවු බවට සැක කරන බව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා පොලිසියට ප්‍රකාශකර තිබිණි.

ඒ අනුව සැකකරු අධිකරණයට බාරවිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. 



අදහස් (3)

පොහොට්ටු මන්ත්‍රීගේ නිවසට හානි කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් රිමාන්ඩ්

Sathya Monday, 10 December 2018 10:30 AM

නානායක්කාර කියන නමින්ම පැහැදිලියි... කවුද මන්ත්‍රීවරයා කියලා...

:       0       184

Thiwa Monday, 10 December 2018 10:48 AM

පොඩි මනුස්සයෙක්...

:       11       11

SAMPATH Monday, 10 December 2018 10:58 AM

නම නැති මන්ත්‍රී කෙනෙක්ද? ගෙම්බෙක් කියලා හරි නමක් දාන්න තිබුනේ..

:       0       236

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site