IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන සතියක් කිසිදු හා හූවක් නෑ’

(නිමල කොඩිතුවක්කු)

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හිටි හැටියේ අතුරුදන්ව ඇති බවත් සතියක් තිස්සේ ඔහු පිළිබඳ කිසිදු හා හූවක් නැති බවත්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා  මහතා පැවැසීය.

මූද හත් ගොව්ක් තියගෙන අමුඩ ගහගෙන  සිටින  ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ  මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කරගන්න දෙයක් නැතිව ලත වෙමින් සිටින බවත්  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා  මහතා මෙසේද කීය.

 ‘‘තවම ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ නැතත්  සමහරක් පක්ෂ සහ සන්ධාන ජනාධිපති අපේක්ෂකයන් තෝරාගෙන තියෙනවා. දැන් අපේ  අපේක්ෂකයා මේ රටම  ඉල්ලන ජයග‍්‍රහණය කරන්න පුළුවන් අපේ  අපේක්ෂකයා සුදුසු වෙලාවට අපි ඉදිරිපත් කරනවා.

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා දැන්  කොහෙද ඉන්නවද  කියලා දන්නෙත් නැහැ. පහුගිය සතියෙම කිසිම හා හූවක් නැහැ. මූද හත් ගොව්ක් තියගෙන අමුඩ ගහගෙන  දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ  මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට කරගන්න දෙයක් නැතිව  ඉන්නවා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික මධ්‍යස්ථාන හොයනවලූ යන්න. රැස්වීම් හොයනවලූ යන්න. දැනටම  ඔහුගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පහළටම වැටිලා තියෙනවා.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන කතා බහ තවම අවසන් වෙලා නැහැ.  ඒ පිළිබඳ සැකය තවමත් තියෙනවා. ඊටත් වඩා ඇමරිකාවට තවම  අයිතියක් තියෙනවා. ඒ පුද්ගලයාව අවශ්‍ය  අවස්ථාවකදී කැඳවන්න. මේක භයානක තත්වයක්.

දැන් ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමා රටේ ජනාධිපති අපේක්ෂකයා නෙමෙයි. ඔහු රාජපක්ෂ පවුලේ අපේක්ෂකයායි. ගෝඨාභය  රාජපක්ෂ මහතා  මේ අපේක්ෂකත්වය ගැනීමට ද්විත්ව පුරවැසිභාවය අයින් කරගත්තලූ.

දැන් මෙතන තියෙන  ගැටලූව තමයි කවුද මේ ඇමරිකන් පුරවැසිභාවය දුන්නේ කියන එක.  ඇමරිකාව  බලෙන් දුන්නද, අනේ එන්න මේ පුරවැසිභාවය ගන්න කියලා දුන්නද,  මේ ඇමරිකන් පුරවැසිභාවය ගිහින් ඉල්ලූම් කරලා, සමුමුඛ සාකච්ඡා වලට ගිහින් බොහෝ දුක් විඳලා  තමයි මේ ඇමෙරිකානු පුරවැසිභාවය අරගත්තේ. එහෙම ගත්ත අය දැන් ජාති ආළය ගැන කථා කරනවා. මේවා මොන විහිලූද.

නැවතත් ගෝත‍්‍රික  යුගයට, පවුල් පාලනයට, මාධ්‍යවේදීන් ඝාතනය කරන,  මාධ්‍ය ආයෙතන වලට බෝම්බ ගහන, සුදු වෑන් සංස්කෘතියක් ගෙන එන ඒ අදුරු යුගයට යන්න මේ රටේ ජනතාවගේ  කැමැත්තක් නැහැ. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික  පක්ෂය ප‍්‍රමුඛ එක්සත්  ජාතික පෙරමුණ ඉදිරිපත් කරන මේ රටේ බහුතරයක් පිළිගන්න පුද්ගළයාව අපි අනිවාර්යෙන්ම රටේ ජනාධිපති බවට පත් කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

‘පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන සතියක් කිසිදු හා හූවක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site