(බිඟුන් මේනක ගමගේ)
පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ඔවුන් ඉගෙන ගන්නා පාසල් වලින්ම මිලදී ගැනීමට බල කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ගුරු සංගම් වලට පැමිණිලි ලැබී තිබේ .
නව පාසල් වාරය සඳහා දරුවන්ට අවශ්‍ය පාසල් බෑග් සහ පොත් පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය ආදිය දෙසැම්බර් මාසයේදී මිලදී ගැනීමෙන් පසු පාසල් රැසක ප්‍රධානීන් මෙසේ එම කළමනා සිය පාසල් වලින්ම මිලදී ගන්නැයි දැනුම්දීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව කියමින් මෙම පැමිණිලි කරනු ලැබ ඇත්තේ මවුපියන් විසිනි.
අධ්‍යාපන විෂය කටයුතු පසෙක ලා මෙසේ ව්‍යාපාර කටයුතුවලට අතගැසීමෙන් අදාල පාසල් ප්‍රධානීන් බලවත් වරදක් කර ඇතැයි ද මෙම සිදුවීම් ගැන වහාම විමර්ශනයක් කරන්නැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
අසාධාරණ ලෙස පාසල් සිසුන් ගෙන් මෙසේ මුදල් අයකර ගෙන පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ආදිය අලෙවිකරණ සිදුවීම් වේ නම් ලංකා ගුරු සංගමය ට වහා ම දැනුම් දෙන්නැයි මවුපියන් ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරු සංගමයට කියන්නේ කොහොමද? ඒක මෙහෙයවන්නේ ගුරුවරුන්...
රුපියල් තුන් හාරසීයක් වෙන බෑග් එක විකුණන්නේ රුපියල් දාහට.. ළමයි තුන් හාරදාහක් ඉන්න ඉස්කෝලයක් වුණොත් කොහොමද? අැයි බලධාරීන්ට මීට වඩා මේගැන සොයා බලන්න බැරි...?
මේ බෑග් වසරට දෙකක්වත් ගන්න වෙනවා. මීට වඩා ලොකුම ගැටලුව ඇමැතිතුමනි, පොත් බෑග්වල බර ඒ සඳහා විසඳුමක් දීම සමස්ත පාසල් සිසුන්ටම කරන මහඟු සේවාවක්...
හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...