(සිරංගිකා ලොකුකරවිට)
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවී ඇතත් එහි වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා අද(22) විරෝධය පළ කළහ.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද කලේගාන සභා ශාලාවේදී සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගයාන් ගීතික ලියනගේ මහතා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරීමේ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අතර, පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු නැගී සිටිමින් පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් නොකිරීම සම්බන්ධව විරෝධය දැක්වූහ.
එහිදී යෝජනාව ඉදිරිපත්කරමින් ලියනගේ මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිතුමාට ලැබී ඇති බැවින් එයට සම්බන්ධ වූ සියලු දෙනාට දඬුවම් ලබාදියයුතු බවයි.
සභාපති දිල්රුක් අබේකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
“පාස්කු ප්‍රහාරයට අදාල චූදිතයින් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට එකතු කරගන්න එපා කියලා සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඬුවම් දෙන අතරම මහ බැංකු චූදිතයන්ට හා මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට පත්වූවන්ට ද නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉදිරියේදී පත්වන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයිද කීය.
ජනතා දේපල මංකොල්ලකන සියලු අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඉන්දික විජේවික්‍රම මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම කරන්නේ අන්න හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්
බෝම්බ තියපු එවුන්ව දගලන දැගලිල්ලක්...
පාස්කු ප්‍රහාරය අද ජනාධිපතිවරණයේ ප්‍රධාන ආයුධයක් බවට පත්ව ඇත.
අපේ රටේ දේශපාලන මඩ වලේ වැටී නොතිබුනේ කතෝලික පල්ලිය විතරයි. ඒක නිසා අපේ සමහර හාමුදුරුවරුන්ට වඩා ගරුත්වයක් පියතුමන්ලා ගැන අපේ හිත්වල තිබුනා. දැනට ඒක ටික ටික නැතිවෙනවා. මෙහෙම ගියොත් මම හිතන්නේ අපේ දේශපාලුවෝ දේශපාලන වේදිකාවල පියතුමන්ලාගේ ලෝගු ගලවන්න පටන් ගනියි.