(ඩබ්. ඒ. පියතිලක)
දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද(20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය.
තිස්සමහාරාමයේ නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් වූවක් බව විවිධ දේශපාලනඥයන් විසින් තවදුරටත් පවසනවානම් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
හිඟුරක්ගොඩදී අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.
“තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත් නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා මවගේ මාස 11ක දරුවා මියයාම ම සම්බන්ධයෙන් එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලධාරිනියට විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.
ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කිරමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස කර තිබෙනවා. නමුත් මේ දේශපාලනඥයෝ ඇයට සහ එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දිගින් දිගටම චෝදනා කරනවා.
සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙක්. මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබාදීම හෝ ලබාගැනීමට කටයුතු කිරීම ඒ අයගේ වගකිමක්. මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලීමකින් තොරව සියලු රාජකාරිවලින් ඉවත් ලබන සඳුදා සිටම දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා” යැයි ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
ඕනෙම දෙයක් උනාම ඒක වලක්වාගන්න හෑටි, දියුණු කරන හෑටි සාකච්ඡා මාර්ගයෙන් විසදුම් හොයන හෑටි, අදාල පාර්ශව දෑනුවත් කරන හෑටි වගේ කාරනා ගෑන හිතන්නෙ නෑතුව, කෙලින්ම වර්ජන තර්ජන, උද්ඝෝශන ගැන තමයි මද්‍යයේ ෂෝ තියන්නෙ. මේ අයව රජයට විරුද්ධව වෑඩ කිරිම ගැන රස්සාවෙන් අයින් කරන්න ඕනෙ.
ඔන්න පේනවද ප්‍රශ්නේක කෙලවර... අන්තිමට කතාවේ අවසාන ජවනිකාව... ඕක නිසාවෙන් තමයි ලංකාව හැදෙන්නේ නැත්තෙ...
හැම දෙයකටම වර්ජනේ තමයි කරන්න දන්නේ. වැරැද්දක් උනානම් අවංකව පිලි අරන් හදා ගන්න වර්ජන ගර්ජන නොකර. මේ රටේ රාජ්‍ය සේවයේ හා සේවකයින්ගේ සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ හැම කෙනාගෙම හැටි මේ රටේ පුරවැසියා හොදට දන්නවා. මෙතන පවුල් සෞඛ්‍ය සේවිකාවට විතරක් වැරැද්ද පටවලා වැඩක් නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින ළමා හා කාන්තා නිලධාරි, ආර්ථික සංවර්ධන, ග්‍රාම ශක්ති, ග්‍රාම නිලධාරි කියන හැම කෙනාම තමන්ගේ වගකීම ඉටුකර නැහැ. ඒ අයට එරෙහිවත් ක්‍රියාකරන්න ඕන නැතුව පවුල් සෞඛ්‍ය සේවිකාවට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ. මේ සිද්ධිය පාඩමක් හැටියට අරන් අනිත් අයටවත් හැදෙන්න මේ ටිකට නිසි විනය ක්‍රියා මාර්ග ගන්න ඕන අනිවාර්යෙන්ම. ඒ බයට හරි එතකොට තමන්ගේ වගකීම ඉටු කරයි.
මම දන්නා නාවල සිටින අයකුගේ බබෙක්ට supplement දීලා තිබුනා අඩු බර නිසා. අම්මට විටමින් "K" සමග. ත්‍රිපෝෂ වලට අමතරව වාර්තා තියාගත්තට වැඩක් නැ මේවා දෙන්නේ නැතුව
මින් පස්සෙවත් මොන මට්ටමේදි හෝ ඡන්දය දෙන කෙනාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මොනවාදැයි වටහාගෙන තම වටිනා ඡන්දය පාවිච්චි කලානම් ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබේවි.
ඔව් ඉතින් මේ රටේ ඔක්කොම රාජ්‍ය සේවකයන් ගේ කටේ තියෙන්නෙ වැඩ වර්ජනය කරන එකනේ. නඩත්තු වෙන්නෙ මහජනයාගේ බදු මුදල්වලින් ඒ උනාට මහජනයාට ම තමා අපහසුතාවට ලක්කරන්නෙ.
මෙයාලා බයිලා ගහන්නේ. මන්ද පෝෂණය හැදෙනකන් මොනා කලාද ? මුලින්ම කරන්න ඔනෙ මෙයාලට විධිමත් පුහුනුවක් දෙන එක මොකද දොස්තරලා නැතුව මෙයාලට මන්ද පෝෂණය තියෙනවද නැද්ද කියලා අදුන ගන්නවත් බෑ මොකද ගෙදරට ගිහින් දරුවා බලලා පොත සටහන් කලාලු ඒ කලත් මන්ද පෝෂණය අදුන ගෙන නෑ. උසස් පෙළ කරන්නත් අවුරුදු 2ක් ඉස්කොලේ යන්න ඔනෙ රටේ ළමයි ගැන බලන්න අවුරුදු 1 මාස 6 ඉතින් කොහෙද මන්ද පෝෂණය අදුනන්නෙ. මහා ලොකුවට වැඩවර්ජන කරන්නත් කතා කරනව.
ඉටුකළ යුතු රාජකාරිය හරි හැටි හඳුනා නොගෙන, තමන්ගේ වැරදි පිලි නොගෙන, වර්ජනය කරලා ජීවත් වෙන දරුවන්වත් මරා දැමීම හරිම පහසුයිනේ නේද? කවුද, වර්ජනයට උපදෙස් දුන්නේ? එංගලන්තයේ HEALTH VISITOR (පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය) කැපවීමෙන් හා වගකීමෙන් කරන රාජකාරිය පිළිබද හදාරා දැනුවත් වෙන්න.
"අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා" නිවැරදි මහජන සේවාවට පැති නොතිබිය යුතුය. ඔබ සේවාවේ 80% ක් පමණ ම සෞඛ්‍ය සේවා සොයුරියන් මෙම පැති ගැන නොසිතා අසරණ දරු පවුල් රැක ගැනීමට මවු පියනට රාජකාරියෙන් එහා ගිය මග පෙන්වීමක් කිරීමට දරණ වෙහෙස රහසක් නොවේ. එම අදාළ පවුලේ ළමයින්ගේ හා මවගේ භෞතික ස්වරුපයෙන්ම පෙනෙන්නේ දිසාපති ඇතුළුව සිට පහළට අමාත්‍යංශ භේදයකින් තොරව කිසිම රාජ්‍ය සේවකයකුගෙන් එම පවුලේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් මේ වන තුරු ක්‍රියාත්මක නොවන බවකි. මේ අපේ රටේ සිටින මෙවැනි තත්වයේ එකම පවුල ද නොවේ.
මේ දරුවා මන්ද පෝෂණයෙන් පෙලුනේ යස ඉසුරෙන් පිරි හම්බන්තොට පැත්තේ නේද. පෝෂණය සඳහා දෙන දෑ විකුණා මත්පැන් බොන අයත් ඉන්නවා. ගුවන් තොටෝපලක් හැදුවට වරායක් හැදුවට අදිවේග මාර්ග හැදුවට දිලිදු කම වෙනස්වෙලා නැහැ වෙනස් වෙලා නැහැනේද.
වරදක් උනාම එක කාගේ හරි ඇගේ ගහන එක තමයි දේශපාලනේ. හැබැයි වැඩවර්ජන නෙවේ ඊලග පාර 256 ට ඡන්දෙ දෙන්න එපා කියල මාද්‍ය සාකච්චා තියලා කිව්වා නම් හරි. සුදුස්සෝ සුදුසු තැන් වලට දැම්මම ඔහොම වෙන්නේ නැ.
යහපාලනය. කන්න නැතුව මිනිස්සු මැරෙන තත්වෙට රට විනාශ උණා