IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැඟවුණ 4 දෙනා සොයයි

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී පැනගොස් සැඟවී සිටින දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

ඔවුන් මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ වූයේ දැයි රහස් පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබේ.

ඉකුත් 22වැනිදා උදෑසන එම ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු රාජකාරී ස්ථානයට නොදන්වා අනවසරයෙන් පිටව ගොස් තිබු අතර පසුව එක් කොස්තාපල්වරයෙකු පමණක් නැවත සේවයට වාර්තා කර තිබුණි.

ඇතිවු මානසික පීඩනය හේතුවෙන් එසේ නිවසට ගොස් නැවත පැමිණී බව අදාල කොස්තාපල්වරයා පවසා තිබේ.

අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇත.

ඒ අනුව ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම් දී තිබුණි.

බොහෝ විට ඔවුන් පොලිස් සේවය හැර ගියා සේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.

ඔවුන් අතරින් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු මෙම අපරාධයට සෘජු ලෙස සම්බන්ධවී තිබෙන බවද පරික්ෂණවලදී හෙලිවී තිබේ.



අදහස් (6)

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සැඟවුණ 4 දෙනා සොයයි

පිටිගල මිලානෝ Sunday, 24 February 2019 10:04 AM

සැඟවී මිනීමැරුමකින් බේරෙන්න බැරි බව රාළහාමිලා වෙලත් දන්නේ නැද්ද? අනේ අපි නම් දන්නවා.

:       0       50

isurandi Sunday, 24 February 2019 10:37 AM

මොකක්ද හේතුව මේ ඝාතන අවනඩුවට?

:       0       16

de silva berlin Sunday, 24 February 2019 11:10 AM

මේ 13 දෙනාම අත්අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? අඩුම තරමේ පරීක්ෂණ නිම වනතුරු අනිවාර්ය නිවාඩු අරින්න තිබුණා. මෙවැනි සැකකරුවන් පොලිස් නිලධාරීන් ලෙස ස්ථානමාරුවක් පමණක් දී සේවයේ යෙදවීම හරිද? දැන් මිනීමැරුමට සම්බන්ධ 4 දෙනෙක් පැනලා ගිහින්, හරි නම් පොලිස්පති ඉල්ලලා අස්වෙන්න ඕනේ.., මේක විශාල වරදක්

:       13       227

de silva berlin Sunday, 24 February 2019 12:38 PM

මේ මනුෂ්‍යයින් දෙන්නා මේ විදිහට පැහැරගෙන ගිහින් මරලා ඩීසල් දමා ඇටකැබලිත් අළු වෙන තරමට පුළුස්සා දමන්න හේතුව කුමක්ද? මෙතන අපි නොදන්න විශාල අභිරහසක් තිබෙනවා...

:       1       101

පිටිගල මිලානෝ Sunday, 24 February 2019 03:29 PM

ජයවර්ධනපුර රෝහලේ හංගගෙන එහි අධ්‍යක්ෂක මණ්ඩලයත් මාරුකරලා හොරෙන්ම සිංගප්පුරුවේ හංගපු මිනීමරුවත් අද එල්ලන දිනය එන තෙක් හිරගෙදර අච්චු විඳිනවා. ඉතින් මේ අය ගැන කවර කතාද?

:       0       237

nishan Monday, 25 February 2019 06:30 AM

පොලිසියට අනවශ්‍ය ලෙස බලතල ලබා දීම නොකළ යුතු දෙයකි. එසේ කිරීමෙන් මෙවන්දේ සිදුවිය හැකිය. කතාවටත් කියන්නේ පොලිසිය ගොරකත් දඩමස් කරනවා කියලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31249 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13426 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site