(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී පැනගොස් සැඟවී සිටින දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඔවුන් මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ වූයේ දැයි රහස් පොලිස් පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබේ.
ඉකුත් 22වැනිදා උදෑසන එම ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු රාජකාරී ස්ථානයට නොදන්වා අනවසරයෙන් පිටව ගොස් තිබු අතර පසුව එක් කොස්තාපල්වරයෙකු පමණක් නැවත සේවයට වාර්තා කර තිබුණි.
ඇතිවු මානසික පීඩනය හේතුවෙන් එසේ නිවසට ගොස් නැවත පැමිණී බව අදාල කොස්තාපල්වරයා පවසා තිබේ.
අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇත.
ඒ අනුව ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම් දී තිබුණි.
බොහෝ විට ඔවුන් පොලිස් සේවය හැර ගියා සේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.
ඔවුන් අතරින් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු මෙම අපරාධයට සෘජු ලෙස සම්බන්ධවී තිබෙන බවද පරික්ෂණවලදී හෙලිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවී මිනීමැරුමකින් බේරෙන්න බැරි බව රාළහාමිලා වෙලත් දන්නේ නැද්ද? අනේ අපි නම් දන්නවා.
මොකක්ද හේතුව මේ ඝාතන අවනඩුවට?
මේ 13 දෙනාම අත්අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? අඩුම තරමේ පරීක්ෂණ නිම වනතුරු අනිවාර්ය නිවාඩු අරින්න තිබුණා. මෙවැනි සැකකරුවන් පොලිස් නිලධාරීන් ලෙස ස්ථානමාරුවක් පමණක් දී සේවයේ යෙදවීම හරිද? දැන් මිනීමැරුමට සම්බන්ධ 4 දෙනෙක් පැනලා ගිහින්, හරි නම් පොලිස්පති ඉල්ලලා අස්වෙන්න ඕනේ.., මේක විශාල වරදක්
මේ මනුෂ්‍යයින් දෙන්නා මේ විදිහට පැහැරගෙන ගිහින් මරලා ඩීසල් දමා ඇටකැබලිත් අළු වෙන තරමට පුළුස්සා දමන්න හේතුව කුමක්ද? මෙතන අපි නොදන්න විශාල අභිරහසක් තිබෙනවා...
ජයවර්ධනපුර රෝහලේ හංගගෙන එහි අධ්‍යක්ෂක මණ්ඩලයත් මාරුකරලා හොරෙන්ම සිංගප්පුරුවේ හංගපු මිනීමරුවත් අද එල්ලන දිනය එන තෙක් හිරගෙදර අච්චු විඳිනවා. ඉතින් මේ අය ගැන කවර කතාද?
පොලිසියට අනවශ්‍ය ලෙස බලතල ලබා දීම නොකළ යුතු දෙයකි. එසේ කිරීමෙන් මෙවන්දේ සිදුවිය හැකිය. කතාවටත් කියන්නේ පොලිසිය ගොරකත් දඩමස් කරනවා කියලා