IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් ලොක්කන් 53කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි

තරිඳු ජයවර්ධන
 
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් 53 දෙනකුට හදිසියේම ලබා දුන් ස්ථාන මරු නියෝග වහාම අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව අද (31) දැනුම් දුන් බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කරනු ලැබ ඇත්තේ හෙට (01) සිට මාසයක කාලයක් සඳහා තාවකාලිකව ක්‍රියාත්මක වීමේ පදනම මතය.
 
සහකාර පොලිස් අධිකාරීවරුන් 27 දෙනකුට   2018 ඔක්තෝබර් 30 වැනි දා තමින් ද, තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් 19 දෙනකුට සහ පොලිස් අධිකාරීවරුන් 07 දෙනකුට 2018 ඔක්තෝබර් 29 වැනි දා තමින්ද මෙම ස්ථාන මාරු නියෝග නිකුත් කර තිබේ.
 
එම ස්ථාන මාරු නියෝග වල සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව 2018 නොවැම්බර් පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතා මත මාසයක කාලයක් සඳහා ඔවුන් තාවකාලික පදනම මත අනියුක්ත කරන බවයි.
 
එම මාරුවීම් වලට අදාල නියෝගය නිකුත් කළ පසු පොලිස්පතිවරයා ඊට අනුමැතිය ගැනීම පිනිස ජාතික පොලිස් කොමිෂන් සභාවට යැවූ බව පොලිස් ආරංචි කියයි.
 
ඒ අනුව අද (31) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් නැතිව සිදු කරනු ලැබ තිබූ එම ස්ථාන මාරුවීම් 53 වහාම අත්හිටුවන ලෙස නියෝග කර ඇතැයි කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයක් සකස් කර තිබිය දී හදිසියේ මෙම ස්ථාන මාරු කිරීම් කර ඇතැයි පෙලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 
 
මීට පෙර ද මෙලෙසම පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සිදු කළ ස්ථාන මාරු සහ වැඩතහනම් කිරීම් කිහිපයක් නතර කරන ලෙස පොලිස් කොමිසම නියෝග කර තිබිණි.  කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කළ අවස්ථාවේ දී පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරීන් වැඩ තහනම් කිරීමට හා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නැති බව පෙන්වා ඇතැයි ද, කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි (දැන් නියෝජ්‍ය පොලිස්පති) පාලිත සිරිවර්ධන මහතාට ස්ථාන මාරුවක් දීමට යන බව කියමින් නඩු පැවරූ අවස්ථාවේ නීතිපතිවරයා ද එය තහවුරු කර ඇතැයි ද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
 
 



අදහස් (5)

පොලිස් ලොක්කන් 53කට දුන් වැරදි ස්ථාන මාරු කොමිසමෙන් නවත්වයි

dunuwila Wednesday, 31 October 2018 06:49 PM

අන්තර් ජාලයේ විවිධ වෙබ් අඩවි වල පලවී ඇති වාර්තා වල "පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සකස් කළ පොලිස් සේවයේ ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස පොලිස් කොමිසමට අණ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බව " සඳහන් කර ඇති අතර " ආණ්ඩුවක කිසිඳු නිලයක් නොදරන ඇමරිකානු පුරවැසියෙකු රටේ පොලිස්පතිවරයාගේ නියෝග මේ අයුරින් වෙනස් කිරීමට සමත්ව ඇත්තේ කෙසේද?" කියාත් ප්‍රශ්න කර ඇත.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 31 October 2018 07:39 PM

ඒ නිසා වෙන්න ඇති, පොලිස්පතිවරයා, කතානායකවරයා සහ මහින්ද වගේ අය හමුවෙලා, වැඳ වැටී සමාව ගන්න ගියේ?

:       0       0

ටි ඉන්දික Wednesday, 31 October 2018 08:44 PM

පොලිසියේ අයටත් තේරෙන්නේ නෑ පොලිස් කොමිසම දාපු එකේ වටිනාකම, පේනවා නේද ? හිතු මතේ කිසිම දෙයක් කරන්න බෑ..අසාධාරණ ලෙස..අනික් ඒවත් විනාශ කරාවිද ?

:       0       0

mohan Thursday, 01 November 2018 04:35 AM

පුජිත මහත්තයට අමතක උනාද මහින්ද මහත්තය අගමැති උනාට රනිල් ගෙනාපු පොලිස් කොමිසම තාම තියෙන බව. ඉස්සර සෙල්ලම් කරන්න අමාරු වෙයි .

:       0       111

KANDEPOLA Thursday, 01 November 2018 07:42 AM

රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. පොලිසියේ ලොක්කටම බැරි නම් නීත්‍යානුකූලව වැඩ කරන්න රටේ අනෙක් අංශ ගැන කවර කතාද? පොලිස්පතිවරයා යකා නටනකොට පහළ නිලධාරීන්ගෙන් ජනතාවට සාධාරණයක් වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31150 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site