
(වයි.ඒ.එස්.විරවංශ)
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදි හෙරොයින් ළඟ තබාගෙන සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී පැනගිය සැකකරුවන් 5දෙනෙකු අද(17) අලුයම අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය කියයි.
මෙම සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.
බලංගොඩ කල්තොට බෙල්ලන්ගල රක්ෂිතයේ හා කුරගල රක්ෂිතයේ මෙම පුද්ගලයින් සැගවී සිටියදි පොලිසිය දින දෙකක් තිස්සේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
පොඩි දුරක්ද මේ අය ගිහින් තියෙන්නේ.