IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පොලිසියේ හැසිරීම ගැන ඇමැති - මැති මත ගැටුමක

(අජන්ත කුමාර අගලකඩ)

බත්තරමුල්ලේ ඉකුත්දා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයන් පොලිසිය මැදිහත්ව නිරෝධනයට යොමුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි.ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.

මෙම උද්ඝෝෂණයට පොලිසිය මැදිහත් වු ආකාරය වැරදි බවට ජගත් කුමාර මන්ත්‍රීවරයා මීට පෙර කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සරත් වීරසේකර ඇමතිවරයා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අදහස් දක්වා ඇත .

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පොලිසිය අධෛර්යයට පත් කිරීමක් බැවින්, තමා එය හෙළා දකින බව සරත් වීරසේකර මහතා එම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

පොලිසිය උද්ඝෝෂණය මැඩපැවැත්වීමට මැදිහත් වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීමක් මත බව ද සරත් වීරසේකර මහතා එහිදී පවසා ඇත .

සරත් වීරසේකර මහතාගේ චෝදනාවට පිළිතුරු දී ඇති ජගත් කුමාර මහතා පොලිසිය එම උද්ඝෝෂණයට මැදිහත් වූ ආකාරය වැරදි බව තමා අදත් ප්‍රකාශ කරන බව සඳහන් කර ඇත .

පොලිසිය අනවශ්‍ය ආකාරයට ආණ්ඩුව රැකීමට යාමෙන් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව ඔහු සඳහන් කර ඇත.පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ද පොලිසිය අනවශ්‍ය ආකාරයට ආණ්ඩුව රැකීමට යාම නිසා අවසානයේ ආණ්ඩුවත් පොලිසියත් දෙකම විනාශ වූ බව මන්ත්‍රීවරයා පවසා ඇත .

යහපාලන ආණ්ඩුව සමයේ උද්ඝෝෂණ පන්සියයක් පමණ සිදු වූ බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා වෘත්තිය සමිති නායකයකු ලෙස තමා ද ඉන් සියයකට පමණ සහභාගි වූ බව සඳහන් කර ඇත .

ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය අරගලවලට ඉඩක් තිබිය යුතු බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා වෘත්තීය සමිති නායකයකු ලෙස තමන්ට අඩුපාඩු පෙන්වා දීමට නොහැකි නම් මන්ත්‍රීධූරයේ සිටිමෙි තේරුමක් නැති බවද සඳහන් කර ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව දෙදෙනා අතර මත ගැටුම දුරදිග යාම වළක්වා ඇතැයි වාර්තා වේ .

 



අදහස් (5)

පොලිසියේ හැසිරීම ගැන ඇමැති - මැති මත ගැටුමක

සඳුන් Tuesday, 20 July 2021 12:37 AM

මෙය සැබවින්ම නිරෝධායන කියාවලිය අවභාවිතයක්. එය සද්භාවයෙන්ම කලා නම් ඒ පොලිස් නිලධාරීනුත් ඒ එක්කම නිරෝධායනයට යායුතුයි මොකද ඔවුන් ආරක්ෂිත ඇඳුම් හා උපාංග නොමැතිව විරෝධතා කරුවනිට නිරාවරණය වූ බව මුළු ලෝකය විද්යුත් මාධ්‍ය වලින් දැක්කා.

:       0       0

Bamunuarachchi Tuesday, 20 July 2021 07:51 AM

සරත් වීරසේකර මහතාණනි හරි උනත් වැරදි උනත් පස්සට යන්න එපා. ඉල්ලම් නැත නියෝග පමණයි යන සංකල්පයේ සිටින්න.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 July 2021 08:20 AM

ජගත් මහතාට යථාර්ථය දකින්න පුළුවන් වුණාට සරත් වීරසේකරට සත්‍යය අවබෝධ කරගන්න කැමැත්තක් ඇත්තේම නැහැ. වීරසේකර මහතා ගැන සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් සත්‍ය බව දැන් දැන් වැටහේ...

:       0       0

lal Tuesday, 20 July 2021 10:14 AM

කොරෝනා කාලේ බොරු පැමිණිලි දාන කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. කාන්තාවක් වූ පමණින්, වැදගත් රැකියාවක් කළ පමණින්, පොලිසියකට පැමිණිල්ලක් කළ විගසින් එය සත්‍ය යයි සිතා අනෙකාව රිමාන්ඩ් කිරීම හෝ බැණවැදීම් නොකර, මෙය ඇත්තක්ද, නැත්තක්ද, යන්න සොයාබලා කටයුතු කරන මෙන් සියළුම පොලිසිවලට දැනුවත් කිරීම කළයුතුව ඇත. විශේෂයෙන්ම නඩුහබ තියෙන කාන්තාවන් සහ නඩු දැමීමට බලාපොරොත්තු වන අය සැලසුම්කර මෙවැනි පැමිණිලි දාන්න පුළුවන් බව පොලිසියේ මහතුන්ට දැනුවත් කළ යුතුයි.

:       0       0

කල්පනා Tuesday, 20 July 2021 11:14 AM

මෙම ඇමැතිවරයා කොපමණ නිවැරැදි දෙයක් කිව්වත් පිළිගන්නේම නැති බව ජනමතය විමසුවොත් බලන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 272 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2112 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site