
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියට යොදාගත් ගත් බව කියන ටී-56 ගිනි අවිය පානදුර වඳුරාමුල්ල සුසාන භූමියක සඟවා තිබියදී විශේෂ පොලිස් කණ්ඩායම් සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම ගිනි අවිය කොටස්වලට ගලවා තෙල් තවරා හොඳින් ඔතා තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
පානදුර පල්ලියමුල්ල හන්දියේදී ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයකු ඉකුත් 25 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චතුරංග හෙවත් චතු නැමැත්තා (27)දා සැක පිට අත්අඩංගුවට ගෙන තිබිණි.
වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූයේ සඳරුවන් ලක්ෂාන් පෙරේරා නැමැත්තෙකි.


COMMENTS
ඇයි දෙයියනේ ආයුධය හොයාගන්න එයාව එක්කන් නොගියේ...?