අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසී යයි එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කරයි.
එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමියායි.
මේ වන විට 99 වැනි වියේ පසුවන එඩින්බරෝහි අදිපාදවරයා රෝහල්ගත කර ඇත්තේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙනි. ඔහු ලන්ඩන් නුවර II වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කර ඇත. එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ පියා වන්නේද එඩින්බරෝහි අදිපාදවරයාය.
මාළිගාවේ ප්‍රකාශකයා කියා සිටියේ පිලිප් කුමාරයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම රෝහල්ගත කිරීම “පූර්වාරක්ෂාව” වෙනුවෙන් කළ දෙයක් බවයි. මෙම ජ්‍යෙෂ්ඨ රාජකීයයා දින කිහිපයක් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ රෝහලේ විවේක සුවයෙන් රැඳී සිටින බවයි.
සාමාන්‍ය මෝටර් රියකින් රෝහල වෙත ගිය එඩින්බරෝහි අදිපාදවරයා කිසිවකුගේ ආධාරයකින් තොරව රෝහල තුළට ඇවිදගෙන ගිය බවද ගාර්ඩියන් පුවත් වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ අසනීපය කෝවිඩ් - 19 වයිරසයට අදාළ නොවන බවද පැවසේ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිලිප් කුමරු රෝහල්ගත කරයි