IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පිලිප් කුමරු රියදුරු බලපත්‍රය බාරදෙයි

දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ ස්වාමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ හි ආදිපාදවරයා ඔහුගේ රියදුරු බලපත්‍රය නැවත පොලිසියට බාරදී ඇති බව බකිංහැම් මාලිගාව සඳහන් කරයි.

97 හැවිරිදි වියේ පසුවන ආදිපාදවරයා ස්වේච්ඡාවෙන්ම රියදුරු බලපත්‍රය බාර දී තිබේ.

පිලිප් කුමරු රියදුරු බලපත්‍රය බාරදීමට පියවර ගෙන ඇත්තේ පසුගියදා සිදුවු රිය අනතුරට ප්‍රතිචාර දැක්විමක් ලෙසය.

ඉකුත් ජනවාරි 17 වැනි දා ලන්ඩනයේ දී පිලිප් කුමරු පැදවූ රථය වාහනයක ගැටීමෙන් අනතුරකට ලක්විය. අනතුරින් 46 හැවිරිදි කාන්තාවක් තුවාල ලැබීය.

ආරක්ෂිත බඳ පටි නොමැතිව වාහන පැදවීම සම්බන්ධයෙන් පොලිසිය පිලිප් කුමරුට අවවාද කර තිබේ.

අනතුරින් තුවාල ලැබු කාන්තාවට සිය කණගාටුව පළ කර ලිපියක් යවා ඇති අතර එහි කිසිදු තනතුරක් සඳහන් නොකර ‘පිලිප්’ යනුවෙන් සඳහන් කර තිබිණි.

 

බීබීසි ඇසුරෙනි

(28535)

 



අදහස් (19)

පිලිප් කුමරු රියදුරු බලපත්‍රය බාරදෙයි

Karthini Sunday, 10 February 2019 07:30 AM

පවුම් 100 අත මිට මෙලෙව්වානම් බලපත්‍රය ආපසු ගන්න තිබුණ !

:       123       153

channa Sunday, 10 February 2019 07:35 AM

යටත් විජිතවල ඉන්නඅයට මේක හොඳ පාඩමක්..

:       0       338

Thusil Sunday, 10 February 2019 08:00 AM

හිතාගෙන ඉන්නේ එංගලන්තේ රජ්ජුරුවෝ කියල. කූඩුවේ දාන්න තිබ්බේ!

:       170       15

ජයන්ත මිලානෝ Sunday, 10 February 2019 08:27 AM

අතීතය කෙසේවෙතත් වර්තමානයේ යුරෝපීයයන් ගුණධර්ම, යටහත්කම නීතිගරුක භාවයෙන් උසස්... අතීතයේ අපේ රට එහෙම වර්තමානයේ මේ නූගත් දේශපාලකයින් නිසා රටේ මිනිසුන්ගේත්, ඔවුන්ගේත් මනස වියවුලෙන් පිරිලා. පුංචි හරි රිය අනතුරක් වුනොත් වාහනෙන් ඉවරයි... රියදුරාත් ඉස්පිරිතාලයේ ඇයි? මිනිසුන් ඒතරම්ම දරුණු වෙලා. ඒ වගේම දේශපාලකයන් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්නනව මිස, රිය අනතුරක් වූ විට තමන්ම ඉදිරිපත් වෙයිද? මේ විදිහට නීතියට හිස නමයිද? ඕක තමයි උගත් කමෙයි, නූගත්කමෙයි වෙනස...

:       0       258

Soma dubayi Sunday, 10 February 2019 08:59 AM

කුමාරයාට පිස්සු වගේ... පොලිසියට පුළුවන්ද කුමාරයෙක්ට අවවාද කරන්න...?

:       64       14

Bamunuarachchi Sunday, 10 February 2019 09:47 AM

වඩුග දෙමලෙක් යටතේ ජීවත්වෙනවට වඩා මෙවන් නීතිගරුක පාලකයින් අපිව පාලනය කරනවා නම් ඒ පාලනය ස්වර්ණමය පාලනයක් වනු ඇත. මෙවැනි අදහසකට විරුද්ධවන්නේ පාදඩ ජෙප්පෙක්ම තමයි. සිංහලයා යටතේ ජීවත්වීමට සුදුසු ජාතියක් මිස පාලනයට සුදුසු ජාතියක් නොවේ.

:       391       420

raviSunday, 10 February 2019 01:34 PM

ඇත්තටම , මට කොහෙදිහරි අහුවුනොත්...

:       16       13

BamunuarachchiSunday, 10 February 2019 04:34 PM

දණගහලා වඳින්න මේවා කියල දෙනවට...

:       30       0

සනත්Sunday, 10 February 2019 02:58 PM

සුද්දන්ගේ පාලනය කොහොමද කියලා දැනගන්න 1948ට ඉස්සර ආණ්ඩුවේ රස්සාවක් කරපු කෙනෙක් ගෙන් අහල බැලුවොත් හොඳයි. සුද්දෙක් අශ්වයාගේ පිටින් යනකොට අපි කාණුවට බැහැලා දෙකට නැමිල ඉන්න ඕනෑ. උන්ට හාමුදුරුවනේ කියල ආමන්ත්‍රණය කරන්න ඕනෑ. ආරච්චලට කෝරාලට උඩින් තියෙන රස්සා සුද්දන්ට විතරයි. ටිකක් දකුණු අප්‍රිකාවේ ඉතිහාසය කියවලා බැලුවොත් තේරෙයි සුද්දො කොච්චර දරුණුද කියලා.

:       27       255

BamunuarachchiSunday, 10 February 2019 04:32 PM

සුද්දන්ට බැන්නට පිටරට රැකියාවක් සොයන්නේ බ්‍ර්ටිෂ්, ඇමරිකන් හෝ ෆෙරෙන්ච් නැතිනම් ප්‍රංශ කොම්පැනියක. ළමයින්ව යවන්නේ හොයන්නේ එංගලන්තයට, ඇමරිකාවට, යුරෝපයට. අධ්‍යාපනය දෙන්න හදන්නේ සොයන්නේ බ්‍රිටිෂ් කොලිෆිකේෂන්... මුකුත් කරගන්න බැරි කෙනා සුද්දට බනිනවා. අර වඩුග දෙමල රජා වංගෙඩියේ දාල අම්මාලවා ළමයි කොටවපු හැටි අලි ලවා පාගා මාරු හැටි ගොබ්බ සිංහලයින්ට මතක නැත. ඒ වඩුග රජා බිසවුන් ගෙනාවේ ඉන්දියාවෙන්.. එතකොට රජාට උපදින්නේ දෙමල ළමයි ඊළඟට රජවෙන්නේ තව වඩුග දෙමළෙක්. එ්කයි මම කිව්වේ සිංහලයා සුදුසු යටතේ ජීවත් වීමට මිස පාලනය කිරීමට නොවෙයි කියලා. අනේද කියන්නේ මෙහෙමත් නරුමයෝ. අපිට යහපත් රාජ්‍ය පරිපාලනයක් හදලා දුන්නේ සුද්දෝ. සුද්දෝ නොපැමිනෙන්න වළන් හදපු මිනිස්සු තාම වළන් හදනවා, බෙරගහපු මිනිස්සු තාම බෙර ගහනවා. ඒ වැඩවසම් ක්‍රමය නැතිඋනේ සුද්ද නිසා. ඕවා තේරුම් ගන්නත් කිසියම් බුද්ධි මට්ටමක ඉන්න ඕනේ.

:       113       139

KamalSunday, 10 February 2019 04:50 PM

සනත් හරි මම එංගලන්තයේ ඉන්නේ. මෙහෙ ඔක්කොම පොඩි රස්සා තමයි... අනෙත් ජාතිකයන්ට. පරිපාලන රස්සාවන් ඔක්කොම සුද්දො කරන්නේ. නීති රීති පොතේ විතරයි. කතාව දෝලාවෙන් ගමන පයින්. ආයතනවල ඔක්කොම ලොකු රස්සා සුද්දෝ කරන්නේ...

:       3       50

BamunuarachchiSunday, 10 February 2019 05:29 PM

ඇත්ත නේන්නම් සුද්දගේ රටේ ලොකු රස්සා සුද්දන්ට හැරෙන්න මෙහෙන් යන පොඩ්ඩන්ට ලැබේවියැ. මෙහෙන් ගිය සුදුසුකම් ඇති දොස්තරවරු අනික් කොලිෆයිඩ් අය සුදුසු ස්ථානවල සේවය කරනවා. රජයේ උසස් රැකියා සුද්දෝම කරනවා.. මොකද නේටිව් ඉන්ග්ලිෂ් කතා කිරීම සහ තේරුම් ගැනීම වැදගත් වනනිසා... අනික එහෙ පොඩි රස්සා නම් ලැබෙන්නේ මොන බම්බුවකටද? එහෙ සුද්දට බැණ බැණ එහෙ ඉන්නේ මෙහෙ ඇවිත් ලොකු රස්සාවක් කරන්නේ නැතිව. එංගලන්තේ ඉන්නේ කියන එකත් නම්බුවක් නේද?

:       24       82

samSunday, 10 February 2019 05:54 PM

අද නම් මම බමුණුත් එක්ක. ජයන්ත කියනවා වගේ අද බටහිර රටවල් වල ගුණධර්ම උසස්. අපටත් ඉතින් හොඳ ඉතිහාසයක් නැහැනේ.

:       7       28

ravi Sunday, 10 February 2019 11:49 AM

බලපත්‍රය බාරදීපු, පිලිප් කුමරුට .. නිවන්සුව ලැබේවා!!!

:       86       4

tommy Sunday, 10 February 2019 02:46 PM

මදැයි පිලිප් කුමාරයට මොලේ පෑදෙන්ට ගිය කල්!

:       2       44

hesa Sunday, 10 February 2019 07:56 PM

බමුණුආරච්චි මහතා, දැන් මේ කියන විදියට අද අපේ රට යුරෝපයේ රටක් යටත් කර ගත්තොත්, අද අශ්වයාගේ පිටින් යන්නෙත් නැති නිසාත් , අපි කාණුවට බැහැලා දෙකට නැමිල ඉන්න ඕනෑ වෙන්නේ නැති වෙයි නේද.. විහිලුවට ඒක ඇහැව්වේ නම්..( අද කානුවකට බැස්සොත් ගොඩ එනවා බොරු ) ඇත්තටම අද අපේ රට යටත් විජිතයක් උනොත් තත්ත්වය වෙනස් නේද. මොකද යුරෝපයේ ඉන්න ලාංකිකයන් හරි හොඳට ඉන්නවනේ යටත් බාවයක් නැතිව තමන්ගේ රටේ ඉන්නවාට වඩා නිදහසේ

:       8       24

vipula Monday, 11 February 2019 06:38 AM

මේ ප්‍රවෘතියෙන් දෙන ආදර්ශය පමණක් ඔළුවට ගත්තනම් ඇති වෙන බයිලා කියවනවට වඩා. දේශපාලකයාගේ ඉදන් ඡන්දය දෙන එක්කෙනා වෙනකම් වැඩියෙන්ම තියෙන්නේ කයිවාරුව විතරයි. ලංකාව තවම තුන්වන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ කයිවාරුව නිසා.

:       0       1

ඉන්දික Thursday, 14 February 2019 08:56 AM

මම නම් කියන්නේ සුද්දා රට පාලනය කරානම් හොදයි කියලා. සුද්දා නිදහස දීලා අවුරුදු 71 පස්සේ තමයි අපිට මාතරින් ඒහාට රේල් පාරක් දාගන්න පුලුවන් වුනේ.. හරි සේරම අමතක කරමු. හොංකොං වලට මොකද වුනේ? ඒ අය කැමති වුනේ නැහැ බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන්න. නමුත් ඔවුන් අද වෙනම රාජ්‍යයක් වුණාට... උන්ට තියෙනවා බ්‍රිතාන්‍ය පුරවැසිකම... අපිට මොකද්ද තියෙන්නේ..? අල්ලපු රටට යන්නත් වීසා ඕනෑ..

:       0       101

mara Friday, 15 February 2019 04:57 AM

සුද්දෝ ලොකු රස්සාවල් කරනවා. ඉගෙනගත්තේ නැති අය පොඩි රස්සාවල් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 984 1

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 582 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2456 3

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2415 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 251 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2805 4

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site