(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල හරංකහව දී විශාල ගලක් පෙරැළී ඊට යට වී සිව් හැවිරිදි දරුවෙකු අද(04) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වැලිමඩ උඩපේරුව පදිංචිව සිටි දුමින්ද පැහැසැර ජයසේකර නමැති 4හැවිරිදි කුඩා දරුවෙකි.

වැලිමඩ  උඩපේරුව සිට හල්දුම්මුල්ල  හරංකහව දී මිතුරෙකුගේ නිවසට මව සහ පියා, දරුවා  සමඟ  පැමිණ සිටියදී මෙය සිදුව තිබේ.

පියා දරුවා වඩාගෙන විශාල ගලක් මතට නැගී රිලවෙකුගේ හැසිරීම පෙන්වමින් සිටියදී බුරුල් වී තිබූ ගල පෙරළී ගොස් ඇති අතර ගලෙන් ඇදවැටුණු දරුවා ඊට යට වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. එහිදී වෙනත් දිශාවකට විසි වූ  පියා ගේ දිවි බේරී තිබේ.