IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පුරවර සරසවි පළමු අදියර කෑගල්ලට

(ඩයනා උදයංගනී)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙහි අපේක්ෂාව ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු නිර්මාණය කිරීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

උපාධියක් ලබාගන්නා බහුතරය රජයේ රැකියාවක් අපේක්ෂා කරන නමුත් රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිවරයා කීවේය.

පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ “ලෝක තරුණ නිපුණතා දින සැමරුම - 2021” ට සමගාමීව පුරවර විශ්ව විද්‍යාල වැඩසටහන් සංකල්පය හඳුන්වාදෙමින් එහි නිල වෙබ් අඩවිය වන අඅඅගජමග්ජගකන දියත් කිරීමේ අවස්ථාවට අද (15) එක්වෙමිනි.

නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුරවර විශ්ව විද්‍යාල ස්ථාපිත කෙරේ.

උසස් පෙළ විභාගයෙන් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් සියයට 80කට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වන අතර ආර්ථික හැකියාව ඇති අය පෞද්ගලික හෝ විදෙස් විශ්ව විද්‍යාල සඳහා යොමු වන අතර ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්ව විද්‍යාල වැඩසටහනේ අපේක්ෂාව වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ සියයට සියයක් රජයේ විශ්ව විද්‍යාල පවත්වාගෙනයාමට හැකියාවක් නොමැති වුවත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බවයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල උපයන ආදායම අධ්‍යාපන කටයුතුවල ප්‍රවර්ධනය සඳහාම වෙන් කළ යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ද ගෝඨාභය රාපපක්‍ෂ මහතා සඳහන් කළේය.

කෑගල්ලෙන් ඇරඹෙන පුරවර විශ්ව විද්‍යාල වැඩසටහන කඩිනමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බවද ජනාධිපතිවරයා කීවේය.



අදහස් (4)

පුරවර සරසවි පළමු අදියර කෑගල්ලට

Nandana Thursday, 15 July 2021 10:04 PM

සුපිරියි...!!! 

:       0       0

sachith Friday, 16 July 2021 08:19 AM

කොරෝනාවලට බෙහෙතක් තියෙනවා කිව්ව එක්කෙනත් ගොඩ දවසකට පස්සේ එළියට ඇවිත් ඉන්නේ...

:       0       1

අශාන් Friday, 16 July 2021 09:17 AM

දුර දක්නා ජනපති...!

:       0       40

nanada Friday, 16 July 2021 09:59 AM

පින්නවල ජාතික පාසල, වෑගොල්ල ගොවිපළ, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය,.. පින්නවල පුරවර සරසවිය... රඹුක්කන නගරයට පින්නවල ග්‍රාමයට ඓතිහාසික වටිනාකමක්...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site