IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුරාවිද්‍යා විස්තර බ්‍රේල් ක්‍රමයට - වීඩියෝවෙන්

(විනීතා එම් ගමගේ)

සියලුම පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක අසළ  ද්‍රෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා බ්‍රේල් ක්‍රමයට සැකසූ විස්තර පත්‍රිකා හා පොත්වල සාරාංශ ද තැබීමට පියවර ගන්නා බවත්, ශ්‍රවනාබාධිත තැනැත්තන් වෙනුවෙන් ඒ ඒ ස්ථාන සඳහා වන වීඩියෝ පට සකස් කරන්නටත් ඒවායේ සංඥා භාෂාවෙන් විස්තර පටිගත කර තැබීමටත් පියවර ගන්නා බවත්  පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

මෙම කටයුතු සඳහා මේ වනවිට මූලික පියවර තබා ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

ආබාධිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සළසා තිබීම රටේ පොදු නීතියට අනුව අනිවාර්ය අංගයක් වන අතරම පුරා විද්‍යාව ජනතාව අතර ප්‍රචලිත කිරීමට මෙම පියවර ඉවහල් වන බවත්, පුරාවස්තු සංරක්ෂණයේ දී එයින් විශාල දායකත්වයක් සැළසෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (3)

පුරාවිද්‍යා විස්තර බ්‍රේල් ක්‍රමයට - වීඩියෝවෙන්

N.දර්ශනී ජයවර්ධන Wednesday, 06 January 2021 04:58 PM

කවදාවත් අපි නොහිතපු පැත්තක්. අනිවාර්යයෙන් විශේෂ අවශ්‍යතා ඇති අයගේ අවබෝධය සමාන්‍ය ජනතාව වන අපට අමතක වූ අවස්ථාවක ඔබතුමා ගත් මේ මහඟු පියවර මා දකිනුයේ ඔබ යම් ඉහළ උගත් කමක් ලද ප්‍රාඥයකු හෝ විදග්ධයකු ලෙසින් නොව මෙන්ම ප්‍රබල පාලකයකු අධ්‍යක්ෂවරයකු ලෙස නොව ඔබ ඇතුලාන්තයේ ජීවත් වන උත්තරීතර මිනිසාගේ අවදිවීමක් ලෙසිනි. කෘතහස්ත මේ කාර්යය මනස් අද බොහෝ දෙනාගේ බුද්ධියට කරන ආමන්ත්‍රණයකි. මානව විද්‍යාවක් අතරටද වැටෙන ඔබේ විෂය පථය තුළ ඔබ මානව සංහතිය ගැන හැදෑරූ සහ හදාරණ අය හට මානව දයාව කියාදුන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප සහිත නායකයෙකුට එහා ගිය ගුරුතරුවක් සේ හඳුනා ගතිමි. චිරන් ජයතු! ආයු රක්ඛන්තු ආවඩා... ආයු බෝ වේවා ඔබතුමන්ට...

:       0       0

N.දර්ශනී ජයවර්ධන Wednesday, 06 January 2021 05:09 PM

මෙවැනි සේවාවක් අපට අමතක වූ මොහොතක සිදුකිරීම කෘතහස්ත ක්‍රියාවකි. විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් හටද අධ්‍යයනයට හා අවබෝධය ලබා ගැනීමට මෙවැනි ක්‍රමයක් හඳුන්වා දීම තුළ සාමාන්‍ය ජනයා සේම ඔවුන්ද සුවිශේෂි දායකත්වයකට නැඹුරු කරවීමත් තමා ජීවත්වන රට සහ අතීතය පිළිබඳව හසල අවබෝධයක් ලබා ගනුවස් මෙම කාර්ය මා ඔබතුමන් තුළින් දකිනු⁣යේ හුදු නායකයකු හෝ පාලකයෙකු, මහාචාර්යවරයකු, ප්‍රාඥයකු ලෙස නොව, කෘතහස්ත උත්තුංග ගුරු තරුවක් ලෙසිනි. මන්දයත් මානව සංහතිය පිළිබඳ හැදැරූ ඔබ එය හදාරණ අයවලුන්ට සැබෑ මානව දයාව හඳුන්වාදුන් මෙන්ම හැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියාදීමට ගත් මහඟු ප්‍රයත්නයක් ලෙසයි. එබැවින් දයාබර ගුරුතුමණි, ඔබට චිරං ජයතු...!!! ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවේවා!!!

:       0       0

sharm warn Thursday, 07 January 2021 03:32 AM

ඇත්තටම සතුටු වෙන්න පුළුවන් හොඳ වැඩක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site