(ඩයනා උදයංගනී)
ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.
ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජසිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන් රැසකට දායක විය.
ඔහු එම නාලිකාවන්හි දමිළ ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගනනාවක් සේවය කොට තිබේ.
ආසියානු මාධ්‍ය ජාලයේ සූරියන් එෆ්.එම් හි ආරම්භක වැඩසටහන් කළමනාකරු හා උපදේශකවරයෙකු ලෙස ද ඔහු කටයුතුකොට කර ඇත.
ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු ද වූ නඩරාජා සිවම් මහතා යුද සමයේ විකාශය වූ ටෙලිනාට්‍ය වල, සහජීවනය නිරූපණය කරන චරිත බොහොමයකට රංගනයෙන් දායක විය.
සුදු අක්කා (1997), යුද ගිණි මැද (1998), ඉර හද යට (2010) , සෙල්වම් (2011) යන චිත්‍රපට ඒ අතරින් කිහිපයකි.
ඔහු ‘ලා හිරු දහසක්’ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී තිබේ.
නඩරාජා සිවම් මහතාගේ දේහය පිළිබඳ ‘අවසන් කටයුතු අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබිණි.
COMMENTS
හුරුපුරුදු මුහුණක්... සිංහලයින් එක්ක හුඟක් කිට්ටුවෙන් වැඩ කරපු ද්‍රවිඩ කලාකරුවෙක් සහ නිවේදකයෙක්... නඩරාජා සිවම් වැනි තව කිහිප දෙනෙක් හිටියා නම් කියලා හිතෙනවා. ඔහුගේ අභාවය ගැන පවුලේ අයට මගේ බලවත් ශෝකය...
දක්ෂ කලාකරුවෙක් !! ඔබට නිවන් සුව අත්වේවා !!!
දක්ෂ කලාකරුවෙක්. තාමත් මතකයි මෙතුමාගේ නිවේදන සහ රංගන දායකත්වය. ඔබට සුබගමන්...
නිවන් සැප ලැබේවා...!!!
ඉතාම ප්‍රසන්න සිනහවක් තිබුණු නිවේදක මහත්මයෙක්. ඔබතුමාට නිවන්සුව පතමි.
මම අදහන දහම අනුව නඩරාජා සිවම් මහතාගේ භව ගමන කෙටිවී අජරාමර නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..