සුජිත් හේවාජූලිගේ
මැතිසබයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳව විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ද අනිද්දා(12) පාර්ලිමේන්තුවට කැඳවීමට මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇත.
පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමසීම සඳහා ඒ පොලිස් ප්‍රධානියා මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත්කෙරුණු කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට මෙම කමිටුව පත්කරුණු ලැබුවේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජ යන මන්ත්‍රීවරුන්ය.
මෙම කමිටුව අනිද්දා(12) පෙරවරුවේ ප්‍රථම වතාවට රැස්වීමට නියමිතය.
කමිටුව හමුවේ පෙනී සිටින ලෙසට පොලිස් ප්‍රධානියාට දැනටමත් දැනුම් දී ඇතැයි ද නියෝජ්‍ය කතානායකවරයා කීය.
පාර්ලිමේන්තුවේදී මේ ගැටුම්කාරී සිද්ධීන් ඇතිවුණේ ඉකුත් නොවැම්බර් මස 14, 15 හා 16 දිනවලදීය.
මෙම ගැටුම්වලදී පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වූ පාඩුව රුපියල් දෙලක්ෂ හැට දහසක් වශයෙන් ගණන් බලා ඇත.
COMMENTS
අපොයි ඔය මුදල එක වාඩියේ සල්ලිනේ. පටගාලා ගෙවලා දායි.
අනේ මේ 225 ක් ගවයන්ට සහ එම රැලේ දෙමව්පියන්ද කැදවා තදින් අවවාද කර කැලේට නිදහස් කරමු නේද...?
ඕක සි.අයි.ඩි. එකට හරි ත්‍රස්තවිමර්ශන එකකයට හරි බාර දෙන්න ඕනා ...............
මොනවද මේ බොරුවැඩ, වීඩියෝ ටිකේ ඔක්කොම තොරොතුරු තියෙනවනේ , ඉක්මනට හොරුටිකට දඩුවම් දෙන්න