( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දෙවැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ කළේය.
විනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාග කෙරේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම දෙවැනි දිනයටත් ආරම්භ කෙරිණි.
මේ අතර මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර,ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරණ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 10 දෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාර්ලිමේන්තුව විසුරුවාලීමට අදාළ පෙත්සම් විභාගය දෙවැනි දිනටත් ඇරඹේ