
(නිමල කොඩිතුවක්කු)
පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරනු ලැබීය.
ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට දෙවැනි වරටත් අද(10) ගිය විපක්ෂ නායකවරයා මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.
මුදල් පරිත්‍යාගවලට අමතරව ප්‍රියන්ත මහතාගේ එක් දරුවකු ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් පරිත්‍යාග කිරීමට ද විපක්ෂනායකවරයා කටයුතු කරනු ලැබීය.
අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව සිදුවන විමර්ශන කටයුතු පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තර අවධානයෙන් සිටින බවද ඔහු එහිදී පැවසීය.
ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද විපක්ෂනායකවරයා එහිදී සහතික විය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
482
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ලක්ෂ 20ක්
Hira Friday, 10 December 2021 04:54 PM
මෙයාට කොහෙන්ද බෙදන්න සල්ලි.ඇඟ හොලවලා ව්‍යාපාරයක් හෝ රස්සාවක් මේ මනුස්සයා කරන්නේ නැහැනේ.සහෝදරී අයෙමත් සල්ලි අච්චු ගහන වැඩේ පටන් අරන් වගේ
සුරලොව ඇල්මන් Friday, 10 December 2021 04:59 PM
ජන දුක හදුනන නායකයො ඔහොම තමා වැඩ කරන්නෙ
Raveendra Saturday, 11 December 2021 01:26 PM
මළ ගෙවල්වල සිගරට් බෙදන්නට...... උපන්දා සිට දක්ෂයා වුනු මෙමාට....... මුදල් වුනත් අනුන්ගේනම් බෙදන්නට..... උඩ පැනල බෙදුවේ මේ එවැන්නකි......