IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රියන්තගේ ඝාතනයට 26ක් රිමාන්ඩ්

( තිළිණි ද සිල්වා)

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට   අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථානයේ ගුජරන් අධිකරණය අද (06) නියෝග කර ඇත.

මෙම සැකකරුවන් 26 දෙනා සියල්කෝට් පොලීසිය විසින් ඊයේ දින ගුජරන් හී පිහිටි ත්‍රස්ත විරෝධී අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ  බව පකිස්ථානයේ තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

මීට අමතරව සියල්කොට්හි උගෝකි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන අර්මගන් මක්ත් රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාවේ සේවකයන් 900 දෙනකුට පාකිස්තාන දණ්ඩ නීති සංග්රහයේ 302, 297, 201, 427, 431, 157, 149 වන වගන්ති යටතේ ත් ත්රස්ත විරෝධී පනතේ 7 සහ 11 ඩබ්ලිව්.ඩබ්ලිව්. යන වගන්ති යටතේ මූලික පැමිණිලි ගොනු කර ඇත.

මීට අදාළ සියලුම සැකකරුවන් අල්ලා ගැනීම සදහා සියල්කෝට් දිස්ත්‍රික්කයේ  සම්බ්රියල්, දස්කා, සහ පස්රූර් ඇතුළු ආසන්න ගම්මානවල දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා නගරයේ සී.සී.ටීවී. දර්ශන, මෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ විඩියෝ සහ ඡායාරූප ද භාවිත කරන බවත් සියල්කොට් පොලිසිය පවසා තිබේ.

එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 235 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියල්කොට් පොලිසිය ප්‍රකාශ කර සිටී.

ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළුව සිය ගණනක් ප්‍රියන්ත කුමාර මහතාට ද ම්ලේච්ඡ ලෙස මියයනතුරු පහර දී තිබේ. සියල්කොට් පොලිසිය අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් යැයි ද පැවැසෙයි.

අත්අඩංගුවට ගත් මොහොමඩ් තල්හා, සහ ෆර්හාන් ඉද්රීස් යන ප්‍රධාන සැකකරුවන් ඇතුළු පිරිස අනාවරණය නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි. රාජ්කෝ ඉන්ඩස්ට්රීස් කර්මාන්තශාලාව සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පලායමින් සිටින බව ද ‘ඩ්වෝන්’ පුවත් පත වාර්තා කර තිබේ.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදාන එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' නමැති දේශපාලන කණ්ඩායමටය. එහ කණ්ඩායම දේශපාලන පක්ෂයක් වන අතර පාකිස්තාන දේශපාලනයට පමණක් නොව සිවිල් සමාජයට බලපෑමක් කළ හැකි ප්රබල අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් ද වෙයි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි එම පක්ෂය කියා සිටී. 2018 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු මෙම පක්ෂය ඉන් කිසිදු ආසනයක් දිනා ගැනීමට සමත් වූයේ නැත. කෙසේ නමුත් පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ආසාන 3 ක් දිනා ගත්තේය.

පකිස්ථානයේ සියල්කොට්හීදී ප්‍රියන්ත කුමාර දියවඩන වධහිංසනයට ලක් කිරීමට අදාළ සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ පසුගිය සිකුරාදා උදෑසන 10.02 ට බව පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළ බව පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

එම වාර්තාවට අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වී ඇත්තේ 11.45 ට පමණ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන අනුව ප්‍රියන්ත කුමාරගේ සිරුර ගිනි තබන අවස්ථාවේ දී ඒ අසලින් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු දැක ගත හැකිවේ.

කෙසේ වෙතත් පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ රාජකාරී මග හැර ඇති පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි.

මේ අතර ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අනුව ඔහුගේ මුළු සිරුරම දැඩි ලෙස පිළිස්සී ඇත.ශරීර අභ්‍යන්තර කොටස්වලට දැඩි ලෙස හානී වී ඇති බවත් කැපුම් හේතුවෙන් වෙන්වී තිබූ සිරුර යළි සකස් කර ලාහෝර් පොලිසියට භාර දුණි.

බාර දුන් ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරේ අවශේෂ කොටස් රජයේ වියදමින් ලහෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඊයේ (06) පස්වරු 5.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒම විදේශ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරුණි.



අදහස් (0)

ප්‍රියන්තගේ ඝාතනයට 26ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site