(ඉන්දිකා රාමනායක)
තහනම් කර ඇති ප්‍රමිතියෙන් තොර ආහාර එතීම් සදහා භාවිතා කරන පොලිතීන් (ලන්ච් ෂීට්) ලක්ෂ 3 ට අධික ප්‍රමාණයක් ළග තබාගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනකු අකුරැස්ස ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ කොක්මාදූව උපකඳවුරේ සහ දෙණියාය කඳවුරේ භට කටකණ්ඩායම් එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මොවුන් අත්ඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සතුව තහනම් කරන ලද පොලිතීන් 3,33,000 ක ප්‍රමාණක් තිබී ඇත.
අත්අඩංගුවට භාණ්ඩ සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා මධ්‍යම පරිසර අධිකාරිය මාතර ශාඛාවට සහ පාරිභෝගික අධිකාරියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd