
ප‍්‍රජා ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු වරට කොරෝනා මර්දන එන්නත් කිරීම සඳහා ප‍්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන ලද නමුත් මෙම ප‍්‍රමුඛතා ලයිස්තුව මේ වන විට නොසලකා හැර ඇත බව වාර්තාවේ.
එහි ප‍්‍රධාන නිර්දේශයක් වූයේ තිබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව සීමාසහිත වන බැවින් වැඩිහිටියන්ට (වයස 60 ඉක්මවූ) මෙම එන්නත් පළමුව දියයුතු බවයි.
මෙම ප‍්‍රමුඛතා ලයිස්තුව නොසළකා හැරීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ හදිසි රැස්වීමක් සඳහා කරන ලද ඉල්ලීමද බිහිරි අලින්ට වීනා වාදනය කිරීමක් වැනි වී තිබේ.
ප‍්‍රමුඛතා ලයිස්තුව සකස් කරන ලද්දේ ඒ සඳහා ඉහළම තාක්ෂණික සුදුසුකම් ඇති බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුව විසිනි. එහෙත් එය දැන් කුණු කූඩයට විසිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි. ප්‍රමුඛතා ලැයිස්තුව බල්ලාට ගිහින්... ළඟදී තැනින් තැන දුන්නු එන්නත් මධ්‍යස්ථාන යකා නැටුවා. ග්‍රාම සේවකයින්ගේ මිතුරු මිතුරියන් පැන පැන එන්නත් ගත්තා. වයස් මට්ටම් කවුරුවත් නැහැ. පිස්සන් කොටුවක් වගේ. මහරගම කොහිලකොටුව මධ්‍යස්ථානයේ ග්‍රාමසේවකගේ යාලුවන් පිළියන්දල සිට පොදි පිටින් ඇවිත් එන්නත් ගත්තා. පෝලිමේ යන්න එන්න බැරි අබ්බගාතයින්. මෙහෙමත් රටක්. කෝ මේ බලධාරියන්?
මිගමුවෙත් එහෙමයි.
සුපුරුදු රාජපක්ෂ න්‍යායපත්‍රය ක්‍රියාත්මකයි.
සියලුම වැඩිහිටි පුරවැසි කොරෝනා මරණ සඳහා හොරෙන් බෙහෙත විදගත්ත අය වගකිව යුතුයි.
දැන්නම් හොඳටම පැහැදිලියි. ගෝඨාභයට රට කරන්න බැරිබව. උන්දැට බැහැයි කියන්නේ ජෙප්පන්ට, පුතාණෝට රට හදන්න හිතන්නවත් බැහැ. උන්දැටත් බැරි නම් වඩුග රජෙක් ගෙනෙන්න වෙනවා. ඉතිහාසය රිපීට් වෙන්න යනවා.