IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  (සංශෝධන)  පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පෙරේදා (22) පස්වරුවේ සටහන් කළේය.
මේ අනුව  එම පනත් කෙටුම්පත එලෙස සහතිකය සටහන් කළ මොහොතේ සිටම   බලාත්මක වනු ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය(සංශෝධන ) පනත් කෙටුම්පතඡන්ද විමසීමකින් තොරව  සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී  පෙරේදා(22) පස්වරුවේ  සම්මත විය.
වෙළෙඳ අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  පසුගිය  06 වැනිදා ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කෙරුණේ පසුගිය  මස  19 වැනිදාය.
පාරිභෝගික සේවා අධිකාරිය  සඳහන් කරන භාණ්ඩ උපරිම සිල්ලර මිලට   අලෙවි නොකරන වෙළඳ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන්  දඩ මුදල් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන  මෙම පනත් කෙටුම්පත මගින්  සැලසෙනු ඇත.
තනි ව්‍යාපාර සහ ආයතන හෝ සමාගම් ලෙස ලියාපදිංචි කළ සියලු ව්‍යාපාර සම්බන්ධයෙන් මෙතෙක් නියම කර තිබූ දඩ මුදල්ද මේ අනුව  සංශෝධනයවීමට නියමිතය.
මේ චෝදනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වැරදිකරුවන්වන පුද්ගලයින් මෙම දඩ මුදලට යටත්කිරීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඩුවම් දෙකටම යටත් කිරීම කළ හැකි බව  වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site