(අජන්ත කුමාර අගලකඩ)
ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (13) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුදලී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව අදාළ පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තිස්සේම ෂෝර්ට් කට් ගන්නේ ඇයි මේ තරම්.., මේ හැමෝම අලි ලොකුවට පඩි වැඩි කරගෙන පුළුවන් හැම දීමනාවම ලබාගන්නවා. නමුත් අයවැය යෝජනා වෙලාවට කරන්නේ නෑ. වෙන රජයක් එනවා තව මාස කිහිපයකින්... නමුත් දැන් තියෙන රජය ඔවුන්ගේ වැඩ ඒතාක් හරියට කළයුතුයි. කොහෙද ඉතින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්?
අර දීමනාවලටත් කීයක් හරි ඔය ගමන්ම දා ගම්මුද?
අනේ කොච්චර දෙයක්ද? අයවැයක් නෑ කියන එක. අපිව රැවටීමත් අපි රැවටීමේත් සීමාවක් තියෙන්න ඕනෑනේ. ගිය බජට් එකෙන් විශ්‍රාමිකයාට දෙනවා කියලා පුරසාරම් දෙඩුවා... විශ්‍රාම වැටුප් වැඩිවීම තවම නැහැ. විශ්‍රාම වැටුප් වැඩිකරනවා කියලා කෑ ගහනවා මදිවට වැඩි වෙන හැටි ලොකු ලිස්ට් එකකුත් අපිට පෙන්නුවා. බජට් හදාගෙන මෙහෙමත් මිනිස්සුන්ව රවටන එක නතරකළ එක කොච්චර දෙයක්ද? මේ සැරේ බජට් එකක් නැහැ කියන්නේ අපිව රැවටීමක් මේ සැරේ නැහැ කියන එකනේ...