
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රජා විශෝදන වාර්තාවේ කෙටුම්පත මහජන යෝජනා සඳහා විවෘත කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවැසීය.
මේ අනුව මෙම වාර්තාව මහජන ද අදහස් ලබාගෙන වැඩිදියුණු කරන බවද හෙතෙම සඳහන් කළේය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(7) පැවැත්විණ.
මෙම කාරක සභා රැස්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නියෝජිත රොබර්ට් ජුකාම් මහතාද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන එකක් නැහැ. පවුල් පාලනේ තීන්දු තීරණ වලට ඔය ඔක්කොම යටයි...