IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පියසේන ගමගේ විපක්ෂයට ගිය හේතුව කියයි

(ජේ.කේ.එල් චාමින්ද)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට  කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයට කිසිදු කැබිනට් ඇමතිකමක් ලබා නොදීම නිසා තමන් දැඩිකලකිරීමට පත්වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට ගත් තීන්දුව පිළිබඳ අද (21) මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ගාල්ලට කැබිනට් ඇමති ධූරයක් ලබාදිය යුතුව තිබූ බව පවසන ගමගේ මන්ත්‍රීවරයා  මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ  ජනතාවට විශාල අසාධාරණයක් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ගමගේ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

    ‘‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ මිනිස්සු. නමුත් අපි පාන්කඩ වගේ පැත්තකට  විසිකරලා දැම්මා. අපෙන් වැඩක් ගත්තේ නැහැ. වැඩක් කරන්න ඉඩක් දුන්නේ නැහැ.  මා පක්ෂයේ උප සභාපතිවරයෙක්. නමුත් පක්ෂයේ නායකයින්  අඹමල් රේනුවකින්  අපට සැලකිල්ලක්  කළේ නැහැ. 

ගාල්ලට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. ගාල්ලට කිසිදු සැලකිල්ලක් කළේ නැහැ.  ඒ ගැන  මා දැඩිකලකිරීමට පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේදී ගාල්ල දිස්ත්‍රික්කය කාටවත් අමතක කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවය ලබා දෙන්න මා පුරෝගාමීව කටයුතු කළා.  නමුත් ගාල්ලට සැලකිල්ලක්  දැක්වුයේ නැහැ . මේ නිසා නායකයින් ගැන කලකිරීමක් ඇතිවුණා.  මේ තිරණය ගැනීමට මෙය එක් හේතුවක්.

තව හිටියත් මෙතන මෙච්චර තමයි. පක්ෂයට සලකන්නෙත් නැහැ. අපට සලකන්නෙත් නැහැ. දිස්ත්‍රික්කයේ ජනතාවට  සලකන්නෙත්  නැහැ.පක්ෂයත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි  පක්ෂයත් කෑවා ඒ නිසා තමයි  මෙ තීන්දුව ගන්න වුනේ.

පසුගිය දිනවල සිදුවූ සිදුවිම් මගේ හෘද සාක්ෂියට අනුව අනුමත කරන්න බැහැ  රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. රටේ නීතියත්  තියෙනවා. යුක්තියක්  තියෙනවා. ඒ නිසා පසුගිය දිනවල සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පැවැසීය‘‘.



අදහස් (6)

පියසේන ගමගේ විපක්ෂයට ගිය හේතුව කියයි

daya Wednesday, 21 November 2018 04:22 PM

මෙතුමාගේ බලාපොරොත්තු සියල්ලම හෙට අනිද්දම ඉටුවේවි. එතෙක් අපි බලා සිටිමු.

:       115       253

Sira Wednesday, 21 November 2018 10:18 PM

ඔබතුමාගේ කැබිනට් ඇමතිකම නොලැබීම ගාල්ලට ලොකුම පාඩුවකි. අපි ඒ ගානේ බොහෝ දුක්වෙමු. ලබන මැතිවරණයෙන් පසු අපි ඔබතුමා ගෙදර රඳවා ගන්නෙමු.

:       0       0

Bamunuarachchi Wednesday, 21 November 2018 10:58 PM

පියසේන ඔය හේතු ගෙදර උන්දෑට කියන්න. මොකද ගාල්ලේ ජනතාවවත් රටේ ජනතාවවත් ඔය හේතු පිළිගන්නේ නැත.

:       0       0

suranga Thursday, 22 November 2018 12:21 AM

පේන විදිහට ඊරිසියාව

:       0       0

jaya Thursday, 22 November 2018 01:41 AM

ගමගේ මයා ඔබ හරි.

:       0       0

Saththaya Thursday, 22 November 2018 04:16 AM

නැවත මුදලට යටවෙලා ආත්මය පාවා දෙන්න එපා . රට ගැන හිතන්න . දැන් මුදලට එනවා කියලා , මුදලට ගන්න අයම ලෝකෙටම ප්‍රසිද්ද කරලා ඉවරයි . ලැජ්ජයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site