(දයාරත්න ඇඹෝගම)
බලපත් නොමැතිව නීති විරෝධි අයුරින් ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 175 ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙනෙකු පුනෑවේදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,වහමල්ගොල්ලෑවේ හා මොරටුවේ පහල ඉදිබැද්ද යන ප්‍රදේශවල පදිංචි 64 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකල වැටලිමේදි එක් පුද්ගලයෙක් සන්තකයේ ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය පනහක්ද අනෙක් පුද්ගලයා සන්තකයේ කිලෝ විසිපහක්ද තිබු බව පොලිසිය පැවසිය.
කලුගල් වැඩපලක් සදහා භාවිතා කිරිමට තමන් මෙම පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බව මෙම පුද්ගලයන් සිදුකළ ප්‍රශ්න කිරිමේදි පොලිසියට පවසා තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු පුපුරණ ද්‍රව්‍ය හා සැකකරැවන් අද (26)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 21
12
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
980
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදනකු පොලිස් බාරයට