(බිඟුන් මේනක ගමගේ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට සම්බන්ධ වූ බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දෙකකින් ප්‍රකාශ සටහන් කරගනු ලැබ තිබේ.
පැෆරල් හා සී.එම්.ඊ.වී යන මැතිවරණ නිරීක්ෂණ දෙකෙන් විමර්ශන නලධාරීන් මෙසේ ප්‍රකාශ සටහන් කරගනු ලැබ ඇත්තේ පැමිණිල්ලට අදාළ සාක්ෂි එකතු කරගැනීම සඳහාය.
මැතිවරණ කොමිසම කළ දැනුම්දීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම විමර්ශනය ආරම්භ කළ අතර අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ මාණ්ඩලික නිලධාරියකු හැටියට වරදක් කර ඇතිදැයි සෙවීම එහි අරමුණ වේ.
විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමෙන් අනතුරුව මෙම පැමිණිලි මැතිවරණ කොමිසමට කෙරුණු අතර ඉන්පසුව ද ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උළෙලට සහභාගී වී තිබිණි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් කියාතිබුණේ දෙවැනි වාරයේදී ද පාදෙනිය මහතා කළ දේ අනුමත කළ නොහැකි බවය.
COMMENTS
මොවුන්ට වෛද්‍යවරු කියන්නත් බැහැ. හරියට හිට්ලර්ගේ වදකඳවුරු තුළ තිබූ ගෑස් වධකාගාර භාරව කටයුතු කළ අය ලෙසයි මට නම් පෙනෙන්නේ..
මම දන්නේ නැහැ ඇයි වෛද්‍යවරු බොරු, වංචා කරන්නේ කියලා.
ජරාව කෑමට පුරුදුවූ අය එකට ඉන්න තැන තමන්ගේ වෘත්තීය, සමාජ තත්වය ගැන මෙලෝ සිහියක් නැත. මේ අය රටේ සමස්ත ජනතාවම (පක්ෂ බේදයකින් තොරව දුප්පත් ) අන්ත අසරණ කරමින් හැම දෙයක් උදෙසාම ඉතාමත් පහත් ආකාරයට රෝහල් අකර්මණ්‍යය කරමින් වැඩවර්ජන කළේ කුමටද කියා ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. හැබැයි සාෆි සිද්ධියේදී මේ අය ඇටිකෙහෙල් කාපු රිලව් වගේ හිටියේ. කෝටි ගණන් මුදල් හම්බකරන්නේ සාෆි පමණක් නොවන නිසයි. බොහෝ දොස්තරවරු පිස්සු හැදිලා වගේ චැනලින්, ශල්‍යකර්ම වලින් දිනකදී කොපමණ මුදලක් අසාධාරණ ලෙස සොයනවද? මේ බොහෝමයක් මුදල් බදු වලින් සගවා ඇත. මුදල් සෙවීම සාධාරණ හා මානුශීය විය යුතුයි. වර්තමානය වනවිට දොස්තර වෘත්තිය හැරෙන්න අනිකුත් සියලු දේ පිළිබද විශාරදයෝය.
කොහොමද කියන්නේ අර පක්ෂයට, මේ පක්ශයට කියලා..? මම දැකලා තියෙනවා දේශපාලන පක්ෂ කීපයකම රැස්වීම්වල කතාවලට මෙයා සවන්දීගෙන ඉන්නවා...
උම්මන්තකයින් දොස්තරලා වුණාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
සජිත්ව දේශපාලනිකව කිරි පොවලා හදා වැඩුවේ රනිල්. දැන් ඒ 'අම්මටයි' සජිත් පහර ගහන්නේ... රනිල් නායකතුමා අගමැති බව සනාථ නොකිරීම වැනි දේ. මේ වගේ නායකයෙක්ද රටට අවශ්‍ය? ඇත්තටම හිතලා බලන්න.
වෛද්‍ය වෘත්තියට තිබුණු ගෞරවය නැතිකරලා දැම්මා. මේ මානසික ලෙඩාට දේශපාලනය කරන්න කියලා, අනිත් වෛද්‍යවරු එකතුවෙන්න මේ වෙලාවේ. සාටකයන් අපේ රටේ තිබුණු විනය කෑවා. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා..
මෙයා පොහොට්ටුවට කඩේ ගිය එක වහගන්න සජිත්ගේ රැස්වීමටත් යන්න ඇති.. නමුත් එ්කෙන් වරද වැහෙන්නේ නැහැ. හරි නම් නඩු දාන්නම ඕනේ.. එ්ත් ඒකට මැකෝට කොන්දක් තියෙයිද?
මොහුව වහාම වෛද්‍ය වෘත්තියෙන් නෙරපා දමන්න. මෙවැනි පුද්ගයන්ගේ සේවය රටට අවශ්‍ය නොවේ. විශේෂයෙන් වෛද්‍යවරුන් වීමට ආසා කරන කුසලතාව ඇති ඕනෑතරම් දක්ෂ සිසුන් ලංකාවේ ඇත. ඔවුන් අතරින් අපට දක්ෂ වෛද්‍යවරුන් බිහිකර ගත හැක. මෙවැනි පුද්ගලයන් විදේශ ගතවුවත් කම්කරු රැකියාවක් ඇරෙන්න වෙන කළ හැකි දෙයක් නැත.