( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුලු යුද උපකරණ රැසක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් සොයාගෙන තිබේ.
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ මෙම යුද උපකරණ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
‘ ටී .56 උණ්ඩ 2250 ක්, කාලතුවක්කු උණ්ඩ 6 ක්, ආර්.පී.ජී. උණ්ඩ 3ක්, අත් බෝම්බ 2ක්, දුම් බෝම්බ 2ක්, අරුල් බෝම්බ 03ක්, 120 උණ්ඩයක් , 120 ෆියුස් 3ක් , මිලිමීටර් 40 මෝටාර් උණ්ඩයක් , පුද්ගල නාශක බිම් බෝම්බයක් , ටෝපිඩෝ උණ්ඩ එකක් සහ හඳුනා නොගත් බෝම්බයකුත් ඒ අතර වන බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීහු පවැසුහ.
හමු වූ මෙම කොටි යුද උපකරණ තොගය මුලතිව් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මාර වැඩේනේ... එකපාරම කොටි නැගිටිනවා.. ඡන්දෙ ඉවර වුනාම කොටි දොයියනවා..