(බිඟුන් මේනක ගමගේ)
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍රයේ නිර්මාණ ඇගයීමට ලක්කරන ලොව ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් වන විශ්ව සමුළු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ග්‍රාස් හොපර්ස් ආයතනයට සම්මානයක් හිමිව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
භාණ්ඩයක් එක් තැනක සිට තවත් තැනකට බෙදා හැරීම ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් නිර්මාණය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇත.
එම මෘදුකාංගය විශ්ව සමුළු සම්මානයට යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවත්වන ලද ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී සම්මානයට පත්වීමෙන් පසුවය.
පෘතුගාලයේ ලිස්බන්හි පැවැති මෙම සම්මාන උළෙලට රටවල් 178 ක් නියෝජනය කරමින් තරගකරුවන් 400 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකාරිනී ඉදුමිණි කොඩිකාර මහත්මිය පැවසුවාය.


2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2117
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෘතුගාලයේ විශ්ව සමුළු සම්මාන උළෙලෙන් ලංකාවට සම්මානයක්