
(විනීතා එම් ගමගේ)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන පෙදෙසේ ගම්පහ දාරළුව ආසන්න පෙදෙසක දී හමුවූ කෲඩියා සිලනිකා (පඬු කරඳ) ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී තිබුණත් අධිවේගි මාර්ගය ඉදිකිරීමේ දී කළ පරිසර අධ්‍යයනයේ දී මෙම ශාඛය පිළිබඳව අවධානයක් යොමු නොකිරීමෙන් පෙනී යන්නේ එම වාර්තාව නිසිලෙස සිදුකර නොමැතිවීම යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව පරිසරවේදීන් පරිසර විද්‍යාඥයන් හා උද්භිද විද්‍යාඥයන් පිරිසක් සමග පරිසර අමාත්‍යංශයේ අද (11) පැවති හමුවක දීය.
මේ ශාඛය සම්බන්ධව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා එම පිරිසගේ අදහස් විමසීම සඳහා මෙම හමුව පැවැත්විණි. පැමිණ සිටි සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අනතුරුව කැබිනට් මණ්ඩලයේ තිරණය අනුව ක්‍රියා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දෙන බව කී අමාත්‍යවරයා ඊට වගකිව යුත්තන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද පැවැසීය.
කෙසේ වෙතත් දාරළුවේ පිහිටි ශාඛය පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තුරු ඒ සම්බන්ධව කිසිවක් සිදු නොකරන ලෙස ද අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
දැනට නවීන තාක්ෂණය යොදවා මෙම ශාඛ්‍ය ආරක්ෂිතව ගලවා ඊට උචිත පරිසර පද්ධතියක් තුළ රෝපණය කිරීමට හැකියා ඇතත් එම කටයුත්ත සිදුකළ යුත්තේ විශේෂඥ අදහස විමසීමෙන් පසුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරවීර ගියතැන කොස්සක්. ජාතියට තවත් පිළිලයක් විය යුතු නැත. පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට කාලය එළඹ ඇත.
මහින්ද අමරවීර, අපි දන්නවා ඔබලාට අවශ්‍ය අර කොහෙවත් ඉඳලා ඇවිත් ඔබලාට ඡන්දෙදී කළු සල්ලි පොම්ප කරපු මුතුරාජවෙල ගහලයාට පිදේනිය දෙන්නයි. කරඳ ගසේ ඉරණම කැබිනට් මණ්ඩලය අතේ වගේම තමයි කැබිනට් මණ්ඩලය ඇතුළු දියවන්නාවේ ඉන්න සියලුම පරිසර ද්‍රෝහීන්ගේ ඉරණමත් රටේ මහජනතාවගේ අතේ බව අමතක කරන්න එපා. රටේ මිනිස්සුන්ව රැවට්ටුවා දැන් ඇති. අමතක කරන්න එපා ඔබලා අපේ සේවකයින්....!!! රටට සේවය කරන්න තාවකාලිකව රටේ මිනිසුන් පත්කළ, රටේ මිනිසුන්ගේ බදු සල්ලිවලින් පඩි ගන්න, සේවකයින් පමණයි ඔබලා. අපි කියන දේ ඔබලා කරනවා මිස ඔබලා කියන දෙයට අපි "ඔව්" කියන්න බැඳිලා නැහැ. රට සාර්ථකව කරගෙන යන්න බැරිනම් කරුණාකරලා පව් නොදී කට්ටියම ගෙදර යන්න. එ්ත් ගෙදර ගිහින් මොනවා කරන්නද..? ඉස්සර වගේ කුකුල් හොරකමේ, හොර පොල් කඩන්න යන්න ලැජ්ජයි නේද...? හැබැයි ඔය ගස ඔතැනින් හොලවන්න අපි ඉඩදෙන්නේ නැහැ...!!!
බදුර්දීන්ගෙන් වනාන්තර බේරාගන්න කියලා බලයට ආව කට්ටියගෙන් ඉතුරු වනාන්තර ටික බේරගන්නයි දැන් අපට වෙලා තියෙන්නේ...
ඒක හරි.., විශේෂඥයින්ගෙන් අදහස් විමසලා තීරණ ගන්න එක හොඳයි. නැතිනම් සමහර දෙකේ පන්තියට ගිය පාර්ලිමේන්තුවේ ඉන්න අය ඕවාට ගන්නේ කැකිල්ලේ තීන්දු..
මෙච්චර දේවල් විනාශ වෙන රටේ "පඬු කරඳ" ගහක් පමණක් ඉතුරු කරගෙන කන්නද? අරහේ මුතුරාජවෙල ගොඩ කරනවා, අක්කර ගණන් කැලෑ කපනවා, පෞරාණික ස්ථාන ඩෝසර් කරනවා. ඉතින් ඒ මොනවා වුණත් අපට කන්න නැති වුණත්, රටේ ජාතික ආරක්ෂාව තියනවනේ දැන්? අනික බුද්ධ ශාසනෙත් නියමෙට ආරක්ෂා වෙනවනේ. වඳ කොත්තු, වඳ දොස්තරලාත් දැන් නැති නිසා ජනගහනයත් වැඩිවෙලා. ලෝකයේ සීඝ්‍රයෙන්ම සංවර්ධනය වන රටේ ජීවත් වෙන අපට ඔය ගස් වලින් ඇති පලේ කුමක්ද?
කොන්දක් නැති ඇමතිවරු. අගමැතිතුමනි, මුස්ලිම් මෘතශරීර භූමදානය කරන්න ඉඩ දෙනවා කිව්වා වගේ මේ ශාකය විනාශ කරන්නේ නෑ.. පාර වෙනස් කරනවා කියලා ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කරන්නකෝ. ඔබතුමා විතරයි තීරණයක් ගන්න පුලුවන් කෙනෙකුට ඉන්නේ...
මිනිසුන්, දැන්වත් පියවි සිහියට එන්න. අපේ රට අනතුරේ. මේ නඩය තව මාස 06 කින් රට නැතිම කරලා දානවා..