හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය විසින් අද (05) ඇප ලබා දුන්නේය.
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
ඡායාරූප - ඉෂාන් සංජිව



COMMENTS
එතකොට පොලිස්පතිට මොකද වෙන්නේ ?
මේ දෙන්නම පව්.
ඇඟ බේරගන්න මේ මිනිස්සු දන්ගෙඩියට දැක්කුවා. මේවා දෙවියෝ බලන් ඉන්නේ.
අනුන්ගේ පව් වලට බලෙන් දුකට පත්කරපු අහිංසක මිනිස්සු...... මෙහෙමත් රටක් ...
ඇයි පොලිස්පතිට අප නොදෙන්නේ එයාට අප්‍රේල් වෙනකම් පොලිස්පති දුරය දරන්න නොදෙන්න වගේයි අපි හිතන්නේ.
මුලින් ඇප නොදීමටත් පසුව ඇප දීමටත් හේතුඇති.
ආපහු කළු කන්නාඩි දාලා කතාකරන්න එපා
දැන් ඕක දැනන් සිටි 225 ට ? අපි ඉදිරි ඡන්දෙන් ඇපෙත් නැතිව ගෙදර යවමු නේ...
ගරු ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයේ නියම වැරදිකරුවෝ සොයාවි කියා මහජනයා විස්වාශයෙන් සිටිති.
මේ මිනිස්සු දෙන්නට වැඩිය මේ ප්‍රහාරයේ වලක්වා ගැනීමට බැරිවීමේ වගකීම හිටපු ජනාධිපති තුමා ගන්න ඕනේ.
පහත් තැනින් යයි ගලා ජලේ...
ගහයි කියලා දැනගෙන හිටියා... මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ. හෝටල්වලට ආරක්ෂාව දෙන්න අපිට බැහැ. එයාලා ආරක්ෂාව සපයාගන්න ඕනේ... මාලුව නහින්නේ කට නිසාලු.. ඒත් මෙයා ඇතුළට ගිහින් තාත්තා කියපු නිසා පල්ලි නොගිය හරීන් එළියේ.. ඒ නිසා මට මෙයා අනුන්ගේ පව් කරගහපු එකට දුකයි.
මේ අහිංසකයන් දෙන්නා බිල්ලට දීලා අයියෝ සිරිසේන කොහෙද ගියේ? නිදහස් උත්සවයට ඇවිල්ලත් නැහැ. රටම ගිනි තියලා... පාස්කු බෝම්බේ වෙලාවේ දැනගෙනම රට පැනලා කරපු විනාශයට දඬුවම් දෙන්න දෙවියන් වහන්සේ බලගනිත්වා...!!!
මේ වගේ සිද්ධියකදී කොයි රටකවත් ආරක්ෂක ලේකම් කියනවාද මම දැන ගෙන හිටියා. එත් එච්චර දරුණු වේ යැයි හිතුවේ නෑ කියලා.
දේශපාලකයින්ට කත් අදින අයට මේවා හොඳ පාඩම්...
හිනාව බලාපල්ලකෝ...!!!
හේමසිරි ගැන නම් මන් දන්නේ නෑ. නමුත් පූජිත ජයසුන්දර කියන්නේ පොලිසියේ හිටිය දක්ෂ අවංකව රාජකාරිය කරපු සංවේදී හදවතක් තියන සුන්දර මනුස්සයෙක්... යහපාලන සමයේදී එතුමාව දේශපාලන ගොදුරක් වුණා. දේශපාලකයින්ට ඕනෑ විදිහට එතුමාව හසුරුවා ගත්තා. දේශපාලනය නොගෑවෙන්න මෙතුමා ඇත්තටම පූජිතයි, බස්නාහිර පළාත බාරව කටයුතු කරපු කාලයේ එතුමා විශාල වැඩ කොටසක් මහජනතාව වෙනුවෙන් කරා මේ වගේ හිරගෙවල්වල වැටෙන්න යම් කිසි අකුසලයක් බලවත් වුණා. මෙතුමාට තෙරුවන් සරණයි...!!
බොරුනම් බලන්න රාජකාරිය හරියට නොකරපු වරදට මේ ගොල්ලන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. බොරුවට නඩුව අවුරුදු කිහිපයක් ඇදගෙන ගිහිල්ලා විසිකරලා දමාවි.. මේවා අපිව රවටන්න කරන නාඩගම්, මේ ගොල්ලන් එකම පැලැන්තියේ පුද්ගලයින්..
මට මතකයි පාස්කු ප්‍රහාරයට සති දෙකකට පමණ කලින් හිටපු ජනපති කියලා තිබුණා ඊළඟ 15වැනිදාට පස්සේ රටම හිරිවැටෙන දෙයක් සිදු වෙනවැයි කියලා.. ඒක කියලා හරියටම ඊට සති දෙකකට පමණ පසුව අප්‍රියෙල් 21වැනිදා ඔහු කියපු විදිහටම රටම හිරිවැටෙන බෝම්බ පිපිරුණා. ඔහු ඊට පස්සේ පවුල් පිටින් තිරුපති ගිහිල්ලා එතැනින් සිංගප්පූරු ගිහින් හැංගිලා ඉඳන් දින කීපයකට පස්සෙයි ආපහු ආවේ. මට සැක ඔහුත් බෝම්බ ප්‍රහාර ගැන කලින්ම සේරම දැනන් හිටියවත්ද කියලා.
හිටන්ට මොකද වෙන්නේ... අනේ මන්දා...?
සිරිසේන හිටපු ජනපති සමග මාස 6ක් ආරක්ෂක කවුන්සිලයේ සිටි එස්.එල්.ඒ.පී. මන්තිරිලා මේවාට කෙලින්ම වග කියන්න ඕනේ...
පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා පන්සිල් රකින බෞද්ධ බැතිමතෙක් බුදුවදන ධර්මය රකින්නාව ධර්මය විසින් රකීවි රකීවි යන්නයි. සත්‍ය කවදා හෝ ජයගනීවි...
සත්‍යය ලෝව දිනාවි.., බොරුව බොරුවෙන් විනාශ වේවි...!!!
වර්තමාන ගරු ජනපති මේ කාරණාවේදී සාධාරණය ඉටු කරනු ඇතැයි මහජනයා අවදියෙන්..
නියම වගකිව යුත්තෝ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට ගේන්න 69 ලක්ෂයක් ජනවරම එයයි.
මේ අවුල මේ කාරණාවේදී හිටන් පලවෙනි සැකකරු වේවි දෝ මන්දා...
19 වෙනි සංශෝධනය නිසා අධිකරණයට ස්වාධීනව තීන්දු ගතහැකි බව හොඳින් පෙනේ..!!!
මේකට වගකිව යුත්තා ඔයා... හරිද හිටන්...!!!
හෙමසිරී සහ පූජිත බිල්ලට දීලා වෙන කට්ටියක් බේරෙන්න හදනවාද කියා අපි හරියට දන්නේ නැත. නමුත් මම දකින්නේ හෙමසිරී සහ පූජිත ඇපලබා ගත්තාම ඒ ගොල්ලෝ පිළිගන්න එන අයගේ සහ රන්ජන් බලන්න එන මිනිසුන්ගේ වෙනස කොහොමද කියලා.