(හර්ෂණ තුෂාර සිල්වා)
පාකිස්තානයේ සංචාරයක නිරතවන්නැයි එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරැයුම් කර ඇත.
පාකිස්තානය අග්‍රාමාත්‍යවරයාගේ එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුට සුබ පැතුම් එක් කළ අතර පසුව දුරකතන ඇමතුමක් දෙමින් දෙරටේ සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ දැක්ම පිළිබඳ විශ්වාසය තබා ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන බව සඳහන් කර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකික ජනතාව සාර්ථකත්වය සහ සෞභාග්‍යය ළඟා කරගනු ඇතැයි ද සඳහන් කර ඇත.
ඊට අමතරව විවිධ අංශවලින් දෙරටේ සහයෝගීත්වය සහ ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ සංචාරයකට ඉම්රාන්ඛාන්ගෙන් ජනපතිට ඇරයුම්
Mahee Wednesday, 20 November 2019 10:13 AM
ඔන්න දැන් ඉතින් කඹේ ඇවිදීමේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න වෙලාව. කඹේ එහාට මෙහාට පද්දවන තව අය ඉන්නවා. බොහොම පරිස්සමින් නොගියොත් වැටෙන්න පුළුවන්. නිකම් නෙමෙයි අපිවත් එක්කලා.
anuradha melbourne Wednesday, 20 November 2019 11:02 AM
ආයි ඔය හදන්නේ මුසල්මානුවන්ව ගෝඨාභයට සෙට්කරන්න. අහුවෙන්න එපෝ...!!!