IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පකිස්තානය ත්‍රස්තවාදයට සහාය දක්වන්නේ නෑ

(හර්ෂණ තුෂාර සිල්වා)
 
පාකිස්තානය කිසිදු අවස්ථාවක කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට සහාය නොදක්වන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා කොළඹ දී අද (25) පැවැසීය.

 
පාකිස්තානය සෑම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම සූදානම් සහ විවෘත යැයි ද මහ කොමසාරිස්වරයා කීවේය.
 
පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයකදී මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා එම කරුණු සඳහන් කළේය. 
 
පාකිස්තානය කලාපීය මෙන්ම ගෝලීය සහයෝගීතාව සඳහා කැප වී සිටින බව ද ඔහු පැවැසීය. 
පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන්  පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත්, අමාත්‍ය රවුෆ් හකීම් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු එක්ව කේක් ගෙඩියක් කැපූහ. 
 
කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් රවුෆ් හකීම් සහ අර්ජුන රණතුංග, පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ. 


 
 

 



අදහස් (5)

පකිස්තානය ත්‍රස්තවාදයට සහාය දක්වන්නේ නෑ

Bamunuarachchi Monday, 25 March 2019 11:20 PM

එ්කට ඉන්දියන් කාරයෝ! ලංකාවට ත්‍රස්තවාදය දුන්නේ මොවුන්. පුදුමය කියන්නේ ලංකාවට අහිතක් කොරලා බේරිලා යන්න බැහැ... ත්‍රස්තවාදය මෙරටට දුන්න ඉන්දියන් කාරයෝ ත්‍රස්තවාදීන්ගෙන්ම විනාශ වුණා. ත්‍රස්තවාදය කරපු එවුනුත් සුන්නත් දූලිවෙලා ගියා. දැන් බලයේ ඉඳන් රටට විනකරන මේ පාදඩයෝත් වැඩිකල් නොගොස් සුන්නත්දූලි වෙනවා.

:       0       0

Bamunuarachchi Monday, 25 March 2019 11:24 PM

අර අහවල්ලු දෙන්නව උත්සවයට ගෙන්වලා නැහැ නේද?

:       0       0

smn Tuesday, 26 March 2019 03:44 AM

ලංකාවෙ තිස් අවුරුද්දක් පුරා පැවැතුණු ත්‍රස්තවාදය මැඩලන්නටත් පකිස්තානය අපට බෙහෙවින් උදව්පදව් කළ බව අමතක නැහැ.

:       2       107

Bamunuarachchi Tuesday, 26 March 2019 09:42 AM

ලංකාවට ත්‍රස්තවාදය දුන්නේ ඉන්දියාව. දීපු අය සහ කරපු අය එකෙන්ම නැතිවෙලා ගියා. ත්‍රස්තවාදීන්ම එකතු උනා ත්‍රස්තවාදය නැතිකරන්න.

:       0       0

BamunuarachchiWednesday, 27 March 2019 04:52 PM

ත්‍රස්තාවාදීන්ම ඒ කාලේ රටේ හිටිය නායකයා පරාද කර තමන්ව නසන්න අලුත් නායකයෙක් රටට පත් කර ගත්තා. ඒ නායකයා ත්‍රස්තයින්ව සුන්නත් දූලි කළා. කොහොමද ලංකාව තුල තිබෙන ගුප්ත බලවේගය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site