ශාන්ත සෙනෙවිරත්න
අලුතින් සමෘද්ධි දීමනා ලබාදෙනවිට පක්ෂ පාට බැලුවේ නෑ. ලක්ෂ 5 කට අලුතින් සමෘද්ධිය දුන්නා. සියල්ල කලේ නීතියට අනුවයි. සමහරු බොරු චෝදනා නඟනවා. චංචා දුෂණ වලට ඉඩ නොදුන් නිසා නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා කීය.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා එසේ කීය.
එහිදී දයා ගමගේ මහතා මෙසේ ද කීය.
මම සමෘද්ධීය බාර ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ සමෘද්ධි දීමනා ගන්න සුදුසුකම් ලැබූ ලක්ෂ 8 ක් පමණ හිටියා. ඒ අතරින් ලක්ෂ 5 කට දුන්නා. තව ඒ වගේම පිරිසක් ඉන්නවා. වසර 21 ක සිට සමෘද්ධි දීමනා ලබන ලක්ෂ 14 ක් පමණ රටේ ඉන්නවා.
සමෘද්ධි බැංකුවල වංචා දුෂණ වෙලා තිබෙනවා. එවැනි සිද්ධීන් 600 ක් ගැන වාර්තාවුණා. පරීක්ෂණ කරන්න ඕනෑ. සමෘද්ධි මුදල් ලක්ෂ 60 ක් පමණ හොරකම් කරලා.මෙවැනි අක්‍රමිකතා නවත්වන්න බැංකු පද්ධතිය පරිගනක ගත කරන්න අපේ කාලේ තීරණය කළා. ඒකට කොටසක් විරුද්ධයි.
COMMENTS
අනුන්ගේ ණය ගැන කතා කරන්නට කලින් තමන් බැංකු වලට පොලු තියපුවා ගෙවලා දමන්න. ඒවා බැංකුවට අයිති මුදල් නොව මහජන මුදල් නිසායි..
ජනතාවට සමෘද්ධිය දෙන්න කලින් මෙයාට සමෘද්ධිය දෙන්න ඕනේ. ඇත්තටම සමෘද්ධි සහනාධාර ගන්න සුදුස්සෙක්. නැති බැරිකම් නිසානේ බැංකුවලට පොලු දාන්නේ. ගත්තු ණය නොගෙවන එකත් වංචාව තමයි. සාමාන්‍ය මිනිහක්ට රුපියල් සීයක් නොගෙවා ඉන්න පුලුවන්ද?
අවුරුදු විසිපහක් එකම තැන පැලවෙන පක්ෂ නායකත්වයක්... දැන්වත් සුදුස්සාට සුදුසු තැන දෙන්න බලන්න. තරුණ නායකයන් කීදෙනෙක් ඉන්නවද? මහජනතාව ඉල්ලන පක්ෂ නායකයෙක් දෙන්න.
එහෙනම් ඊළඟ ඡන්දෙන් දිනයි...!
මම දන්නා තරමට නම් අපේ පැත්තේ සමෘද්ධි දීමනා අලුතෙන් දුන්නේ ප්‍රබල UNP කාරයින්ටයි. සමහරුන්ට ත්‍රීවීල් පවා තියෙනවා. නමුත් නිර්පාක්ෂික දුප්පත් අයට ලැබුණේ නෑ. දැන්වත් මේවා හොයලා සුදුස්සන්ට දුන්නොත් හොඳයි..
ඔව් ඇත්ත මම දන්න කෙනෙක් ඉන්නවා. එයාට සමෘද්ධිය ලැබුණා පහුගිය කාලේ. එයා ට්‍රක් එකක් හයර් කරනවා. වැලි-ගල් ප්‍රවාහනය කරනවා. ට්‍රක් එකේ අයිතිකරු එයා. ඒ විතරක් නෙවෙයි. සමෘද්ධිය පෙන්නලා තමන්ගේ ළමයාගේ පාසල් සංවර්ධන සමිති ගාස්තුත් මේ අවුරුද්දට ගෙවන්නේ නැතිව නිදහස් කර ගත්තා. ග්‍රාම නිලධාරිත් අත්සන් කරලා. එහෙම කීදෙනෙකුට දිලා ඇත්ද?
මෙයාගේ මිලියන් ගණන් ගෙවලා කුලියට ඉන්න ගොඩනැගිලි තියෙනවා පැපිළියානේ හන්දියේ..
වැඩි වැඩියෙන් සමෘර්ධි සහනාධාර දුන්නා කියන්නේ ඒ පාලන සීමාව තුළ දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාව වැඩි වූ බවයි. වැඩියෙන් සහනාධාර දීම හපන්කමක් නොවෙයි, හැකි නම් සහනාධාරවලින් තොරව මිනිසුන්ට දෙපයින් නැගීසිටිය හැකි වාතාවරණයක් රටේ ඇති කරන්න.
පක්ෂ, පාට නොබලා මහබැංකුව සුද්ද කළා.. ශ්‍රීලන්කන් සුද්ද කළා. කෘෂි අමාත්‍යාංශය සුද්ද කළා මදැයි...
පක්ෂ, පාට නොබලා ලක්ෂ 5 කට සමෘද්ධිය දුන්නාලු. ඒ විතරක්ය ඡන්දේ ගන්න නුසුදුස්සන්ට රැකියාවලුත් දහස් ගණන් වලින් දීලා රට තවත් අමාරුවේ දැම්මේ උස නම් සිකියුරිටි කොට නම් කම්කරු කියානේ ඔහෙලා රැකියා වර්ග කෙරුවේ. කොහොමද අධිවේගී කොන්ත්‍රාත්තුවෙන් ලාභද?
විළි ලැජ්ජාවක් නැතුව කියන්නේ......
මෙයා ගැන පසුව හෙළිවේවි...!!!