පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව නාද වෙයි.


පාර්ලිමේන්තුව උදේ 10.30ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටී.

පක්ෂ නායක රැස්වීමෙන් පසු ඒ ඒ පාර්ලිමේන්තු කණ්ඩායම්වල රැස්වීම් ද පැවැත්විණි.


පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් විය.


  • පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක්  කල්තැබේ

නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය.

 සභාවාරය ඇරැඹිමත් සමඟ   සභාභාවේ දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.

 විනාඩි පහක් වැනි කෙටි කාලයකදී අද පාර්ලිමේන්තුව කල්  ලබන 23  වැනිදා  උදෑසන 10.30 දක්වා කල් තැබු අතර පෙර  පැවැති සභාවාර දෙකේදී මෙන්  මන්ත්‍රීවරු අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවීය.

 


( පක්ෂ නායක  රැස්වීම ඇරැඹේ )

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ඇරැඹිමට නියමිතව තිබු පක්ෂනායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 

 කතානායක  කරූ ජයසුරිය මහතාගේ මුලිකත්වයෙන් මෙම  රැස්වීම ආරම්භ  කෙරිණි.


 පාර්මේන්තු සංකීර්ණයේ දී මෙම රැස්වීම පැවැත්වේ .


(36698)

 


  •  පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

( ඩයනා උදයංගනී )


පාර්ලිමේන්තුව අවට  පොලිසීය  යොදා  ආරක්ෂාව   තර කර තිබේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන  ගේට්ටුව අසල ජල ප්‍රහාරක රථද නවත්වා ඇති අතර  කතානායක නිල නිවස  අවට ද දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.
 



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ  ප්‍රදානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් විය.


  • පක්ෂ නායක රැස්වීමට මහින්ද සහ රනිලුත් එති

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුද සහභාගී වී සිටිති.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සවස 5 ට මෙම  රැස්වීම ඇරැඹිණි.
 
(36698)

 

 


විශ්වාසභංග යෝජනාව සම්මත වු බව කතානායක ජනාධිපතිට දන්වයි

රංජන් කස්තුරි 

පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව අද (16) සම්මත වු බව කතානායකවරයා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ පිළිබඳව කතානායක කාර්යාලයට නිකුත් කළ නිවේදනය මෙසේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දිවි හිමි කැපවෙනවා‘


 (ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු  )

කවර තර්ජන,  ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය  සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කතානාය   කරුජයසූරිය මහතා පවසයි. 

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්නැයි සියළු ජනතාවගෙන් කතානායකවරයා ඉල්ලාසිටින බව ද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ

 


‘කතානායකවරයා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කළා‘

 

කතානායකවරයා එතුමාගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
කතානායකවරයාගේ අහිංසකකමින් ප්‍රයෝජන ගැනීමට මහින්දරාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සිතාගෙන සිටියද එසේ

නොවූ බව ද ඔහු කීවේය.

 

(36698)

 


 

‘වගකිවයුත්තා කතානායකයි ‘

මෙම සිද්ධිවලට වගකිවයුත්තා කතානායක කරු ජයසූරිය මහතා බව ‘පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසීය.

 
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

(36698)

 


ඝාතන කුමන්ත්‍රණයේ හිටියේ මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ  මන්ත්‍රීවරු

පාර්ලිමේන්තුව රැස්වුණාම ඝාතන වෙන්න පුලුවන් කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, එම කුමන්ත්‍රණයේ සිටින්නේ කවුරුන්දැයි අද දැක බලා ගැනීමට හැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු සභා ගැබෙන් පිටව යමිනි.
 
‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පාර්ලිමේන්තුව රැස්කළොත් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්‍රණය තිබුණේ කාටද කියලා. අනිත් මන්ත්‍රීවරු අසුන්වල ඉන්දි මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිටලා කලහකාරීව හැසිරුණා. කතානායකට පහර දෙන්න හැදුවා. කතානායකගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මිරිස්කුඩු  වැනිදේවලින් ගැහුවා.‘‘

(36698)


‘ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු තුවාලයක් වුණා‘


 
‘‘කනතානායකට මන්ත්‍රීවරුන් පිරිසක් එන්න දුන්නේ නෑ. මිනිත්තු 45ක් ප්‍රමාද වෙලයි ආවේ. ව්‍යවස්ථාවට අනුව විශ්වාසභංග යෝජනාව සම්මත කර ගත්තා. නිදහස් පක්ෂයේ හා පොහොට්ටුවේ අය කළහාකාරීව හැසිරුණා. 


පාර්ලිමේන්තු ගිනි තිබ්බ ලෝකයේ ඉතිහාසයට ලංකාවේ පාර්ලිමේන්තුවත් එකතු වෙනවා. ඔබ ඡන්දය කාට හරි දීලා තියෙනවා. මොන පැත්තේ හරි. මෙහෙම පාර්ලිමේන්තුවේ හැසිරෙනවා නම් මොකක්ද කියන්න තියෙන්නේ? මලික් සමරවික්‍රමට, විජිත හේරත්ට, ජයවික්‍රම පෙරේරට වුණු තාවල බේත් වලින් හොඳ වෙනවා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයට වුණු තුවාලය හොඳ වෙනවද?‘‘

(36698)


පාර්ලිමේන්තු දිවියේ අවලස්සනම දවස අදයි


 
වසර 25ක තමාගේ පාර්ලිමේන්තු දිනයේ අවලස්සනම දිනය අද බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු රාවුෆ් හකීම් මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
‘‘මගේ පාර්ලිමේන්තු දිවියේ අවුරුදු 25ක මං දුටු අවලස්සනම දවස. මෙම විශ්වාස භංගයෙන් පසු දැනට රජයක් නෑ. අලුත් අගමැතිතුමෙක් සහ ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බහුතරයට අනුව පත් කළ යුතුයි. අපි ඒ බව ලිඛිතවත් බාර දෙනවා.‘‘

(36698)


113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි ?

113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.
 
‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත්  පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරට යනවා.

අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘

(36698)


පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට මිරිස්කුඩු ප්‍රහාරයක්

(ඡායාරූප ඉෂාන් සංජීව )

පාර්ලිමේන්තු සභා ගැබේදී තමාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වූ බව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.


 
රට ගිනි නොතියා බහුතරයට ඉඩ දෙන්නැයි ජනාධිපතිට බල කරන ලෙස ද ඔහු කීවේය. 
 
මන්ත්‍රීවරයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලට මිරිස්කුඩු සහිත වතුර ප්‍රහාරයක් එල්ල කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිනුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.


පාර්ලිමේන්තුවේ තවමත් කෑ කෝ ගැසීම් 


කතානායක නැගිට ගිය පසු මහින්ද රාජපක්ෂ මහතා පිටව යයි.


කතානායක පිටව යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා පිටව යයි.


පාර්ලිමේන්තුව 19 වැනි දා තෙක් කල් තැබීමට කතානායක නියෝග කරයි.


අවශ්‍ය වුවත් මන්ත්‍රීවරුන් ඊට එකඟ නොවන නිසා හඬ අනුව ඡන්දය විමසන බව කතානායකවරයා කීවේය. ඒ අනුව විශ්වාස භංග යෝජනාවට පක්ෂද විපක්ෂද යනුවෙන් අසමින් කතානායකවරයා ඡන්දය විමසීය.


ඡන්දය විමසීම නමින් විමසීමට තමාට අවශ්‍ය වුවත් මන්ත්‍රීවරුන් ඊට එකඟ නොවන නිසා හඬ අනුව ඡන්දය විමසන බව කතානායකවරයා කීවේය. ඒ අනුව විශ්වාස භංග යෝජනාවට පක්ෂද විපක්ෂද යනුවෙන් අසමින් කතානායකවරයා ඡන්දය විමසීය.


විශ්වාස භංග යෝජනාව යළි පාර්ලිමේන්තුවට ගෙනෙයි.


පොලිස් ආරක්ෂාව මැද කතානායක පාර්ලිමේන්තුවේ වැඩ අරඹයි.

 

 


පාර්ලිමේන්තු සංකීර්ණයට ආ පොලිසියට මන්ත්‍රීවරු පහර දෙති.


පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියට හෙලිකොප්ටරයක් පැමිණෙයි.


මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු විරෝධතා පුවරු පෙන්වමින් සටන් පාඨ කියති


කතානායකවරයාගේ මේසය මත තිබෙන මයික්‍රෆෝන මන්ත්‍රීවරු ඉවත් කරති.


පාර්ලිමේන්තුව අද පස්වරු 1.30ට යළි රැස්වීමට ආරම්භ වී තිබුණත් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් නිසා තවමත් පාර්ලිමේන්තු කටයුතු  නිල වශයෙන්  ආරම්භ වූයේ නැත.

කතානායක පුටුවේ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා වාඩි ගෙන සිටී. කතානායක පුටුව අවට මන්ත්‍රීවරු පිරිසක් රැස්ව සිටිති.
 
පාර්ලිමේන්තුවට ඇතුළු වෙන සියලුම දෙනාගේ ශරීර පරීක්ෂාව සිදු වූ බව එහි ආරංචි මාර්ග කියයි.
 
අද (16) දහවල්  පැවැති පක්ෂ නායක රැස්වීමේදී යම් එකඟතාවකට පත්වීමට නොහැකි වූ බව ආරංචි මාර්ග කියයි.

(36698)


කතානාක කරූ ජයසුරිය මහතාගේ  ප්‍රදානත්වයෙන්  පක්ෂ නායක රැස්වීමක් අද (16)  උදේ  11.30 ට පැවැත්වීමට නියමිතය.
 

පාර්ලිමේන්තුවේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ .

 ඊයේ (15) කල් තැබුණු පාර්ලිමේන්තුව  යළි අද (16)  දහවල් 1.30 ට රැස්වීමට නියමිතය.

(36698)


ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මීට ටික වේලාවකට  පෙර පවත්වා අවසන්වූ සාකච්ඡාවක දී   එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

 
එම එකඟතාවය කුමක්දැයි ඒ මහතා මාධ්‍යට හෙළි කළේ නැත.

 

 

 

 

 


ජනාධිපති කාර්යාලයේ  විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්සත් ජාතික පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙමින් තිබේ.

 

(36698)


 

අපි පාර්ලිමේන්තුව ආරක්ෂා කළා

 

( රනිල් වික්‍රමසිංහ මහතා රැලිය අමතමින් ) 


 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පයින් ගහන්න හැදුවත් තම කණ්ඩායම පාර්ලිමේන්තුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 
 
ඔහු මේ බව පැවසුවේ කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැළිය අමතමිනි.

වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

 “අද තරුණ පිරිසත් වැඩිහිටියනුත් අහනවා මොකක්ද මේ රටේ අනාගය කියලා. ජනවාරි 8 පරමාර්ථවලට අපි සියලු දෙනා කැපෙවෙලා ඉන්නවා. ඒ පරමාර්ථ ඉෂ්ඨ වෙලා තියෙනවා. ජනපතිවරයා ඈත් වුණාට අපි ඈත් වෙලා නෑ. වරමින් පිට පනින අය ඉවත් කරනවා. අපි පාර්ලිමේන්තුව ආරක්ෂා කරනවා. ඊළඟ ඡන්දයේදි කැමති ආණ්ඩුවක් පිහිටුවන්න.
 
19 වැනි සංශෝධනය ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ බලය අපි  තහවුරු කළා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පයින් ගහන්න හැදුවත් අපි  පාර්ලිමේන්තුව ආරක්ෂා කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම උසාවිය තහනම් නියෝගයක් දුන්නා.  අනුර දිසානායක මහතා යෝජනාවක් දැම්මා. ඊට බහුතරයක් ඡන්දය දුන්නා. කෙසේ හෝ 122ක් අත්සන් කරලා ලියුම කථානයකට යැව්වා. කතානායකවරයා එම ලිපිය ජනාධිපතිවරයාට  යැව්වා. එය   ප්‍රතික්ෂේප කරන්න බෑ. ජනාධිපතිට බෑ.
 
 කතානායකවරයාට ගහන්න හැදුවා. කතානායක පුටුවට වතුර දැම්මා. කතානායකවරයා නිර්භීතව සිටියා.   අපි ඉඩ දෙන්නේ නෑ පාර්ලිමේන්තුව පාගලා දාන්න.  අපි අපේ බහුතරය පෙන්වන්න ලෑස්තියි. ඒක ප්‍රශ්නයක් නෑ. යළිත් ඡන්දේ තියලා ඉදිරිය යමු. අපි කැමතියි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න. ඡන්දයක් තියන්න අපි බය නෑ. ව්‍යවස්ථා විරුද්ධව ඡන්දයක් තියන්න බෑ. අපි කියන්නේ නීත්‍යනුකූලව ඡන්දය පවත්වන්න කියලා. පක්ෂ සියල්ලම එකතුකරලා මැතිවරණයක් තියන්න අපි ලෑස්තියි.. අපි ජනපතිවරණයකටත් ලෑස්තියි.
 
ව්‍යවස්ථාව අයින් කරලා යන්න දෙන්නේ නෑ.  දැන් සිරිසේන - රාජපක්ෂ කල්ලිය පාර්ලිමේන්තුවේ පැරදිලා කොන්වෙලා ඉන්නේ. ඒ අයට තියෙන්නේවිධායක බලයයි මාධයයි. දැන් ඒ විධායක බලයත් අපි නැතිකරනවා. අපි රට වටේම ජනබල විරෝධයක් දාලා පාර්ලිමේන්තුව ආරක්ෂා කරනවා. දැන් 

උද්ඝෝෂණ ගෙනියන්න ලෑස්තිවෙන්න.”

(36698)


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා

“අපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක් වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ. අපි එක්කෙනෙක්ගෙන්වත් ලේ හොල්ලන්නේ නෑ. අපි සටන ආරම්භ කළා. අගමැතිතුමාගෙන් ප්‍රශ්ණ අහන කොට ජනපතිට බනින්නේ නෑ. මේ මනුස්සයා හොඳ වැඩියි.


එක්සත් ජතික පක්ෂය රටට හැමදේම ගෙනාපු පක්ෂය. රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ. සිරිසේන කෝ මේ සිරිසේන. ඇහැනෙවද මේ මේ අපේ බලයයි.”

(36698)


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා


 “අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි. සමහරු හිතගෙන හිටියා මහ ලොකු වෙනසක් සිදුවෙලා

නැතියිකියලා.


අපේ ඇස්වලට දැක්කා කන්වලට ඇහුණා අපේ රටේ තිබෙන්නේ සුපිරිම ස්වාධීන අධිකරණයක් . අපේ ශිර්ෂප්‍රණාමය හද පත්ලෙන්ම කථානායකතුමාට පුද කරනවා. අපි උණ්ඩවලට, බයිනේතුතවට, කාලතුවක්කුවට කඩුවට බෝම්බකරුවන් බය නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් දිනන එක දිනනවා. අපි පෙරේදත් දින්නා. ඊයෙත් දින්න අදත් දින්නා.හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න කියලා අභියෝග කරනවා. මේ අයට මර්දනය තර්ජනය ගර්ජනය තමයි පුරුදු.”

(36698)



රවුෆ් හකීම් මහතා 

අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න කියලා.


" 2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට පුළුවන්. අපි එවිට අපේ තුරුම්පු පෙන්නනම්. අපි යනවා කිව්වා. අපි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කළා" 

(36698)


 

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා

“අපි මහින්දට කියනවා වැඩි කල් නෑ 70 ලක්ෂයකට වැඩි ජනතාවක් ඔබව එලවන්න ලෑස්තියි.


 මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්තියි කිව්වා. ඊයේ තිබ්බා ඡන්දේ අපිට 122 යි. රාජපක්ෂට බිංදුවයි.


ඒකෙක් ඡන්දේ දුන්නේ නෑ. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ ඒකක්. මහින්ද රාජපක්ෂයට සෙනග අදින්න පුළුවන් කිව්වා. ඒ යුගය ඉවරයි. අද මහින්ද මහත්තයා ලොකු කතා කියනවා. බටහිර රටවල් ඉදිරියේ අපි දණගහවලු. ගෝඨාභය , ඩඩ්ලි , බැසිල් ඇමෙරිකන් පුරවැසියා. අපි දණ ගහන්නේ ඒක තැනකදී විතරයි. ඒ ජනතාවගේ බලය. ඒක තියෙන්නේ මෙතනයි.


ඉතිහාසයේ  ප්‍රථම වතාවට ජනපති කෙනෙක් පිල් මාරු කළා. ඒකට ලබන පාර අපි පිළිතුරු දෙනවා. අපි ඡන්ද 10කට ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලට අපි ලෑස්තිය. අපිට ජනපතිවරණයයි මහ මැතිවරණයි එකට දෙන්න.

(36698)


දඹර අමිල හිමි 

“අපි ජනපති මන්දිරය වටලනවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා. ඩොලරය නගිනවා. ආධාර නැතිවෙලා. රජයේ සේවකයන් පඩි ගෙවන්න විදිහක් නැතිව ඉන්නවා. රට ඔසවා තබන්න දුන්නේ. අද පිස්සු කෙළිනවා. අප්පුවාට රජකම ලැබුණා වගේ කටයුතු කරනවා.‘

(36698)


 

හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා

"අපි ආණ්ඩුව ලබා ගත්තට පස්සේ යහපාලනය ටික දවසකට නවත්වලා අපේ වැඩ ටික කරනවා" 

 


හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 

බැඳුම්කර  ගනුදෙනුව පිළිබඳ කතා කරන  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාට හෙජින් සොරකම අමතක වී ඇතැයි හිටපු අමාතත්‍ය ෆීල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා මහතා  පැවසීය.


 ‘දැන්වත් පුටුවෙන් බැහැලා හරි මාර්ගයට එන්නැයි‘ ද  ඔහු සඳහන් කළේය.

(36698)


 එජාපයේ රැලිය ඇරැඹේ

එක්සත් ජාතික පක්ෂයේ ජන රැලිය මේ  වන විට අරඹා   ඇත.

කොළඹ ලිප්ටන් වටරවුමේ දී මෙම  රැළිය පැවැත්වෙන අතර   දහසකට අධික පාක්ෂිකයෝ  එම රැලියට එක්ව සිටිති.

(ඡායාරූප  - චතුර කොඩිකාර ) 

(36698)


 

 

මහින්දට එරෙහි පක්ෂ නායකයෝ අද සවස ජනපති හමුවෙති 

 

අද සවස 5ට පක්ෂ නායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 
මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122නාම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් රණවක මහතා කීවේය.
 
ඒ අනුව අද සවස 5ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත යැයි ද ඔහු කීවේය.
 
රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ ද කීවේය.
 
‘‘අද බටහිර රටවල් බටහිර රටවල් යැයි කියන අයගේ දරුපවුල් පිටින් ඉන්නේ පිටරවල. මහින්ද රාජපක්ෂ මහතාගේ බටහිර රටවල් ගැන කතා කරනවා හැබැයි ඔහුගේ සහෝදරයන් ඇමෙරිකාවේ යැංකි අධිරාජ්‍යයේ පුරවැසියෝ.  ඔවුන්ට ඇමෙරිකාවේ පුරවැසි භාවය තියෙනවා.‘‘
 
‘‘හිටපු ජනාධිපතිවරයා මට කතා කළා. මම එතනට ගියා. අපි සුහදව කතා කරමින් හිටියා. එතුමාම හදාගත්ත පාදඩයන් එතුමට පාලනය කරගන්න බෑ. ඩොලර් 85 සිට 59ට තෙල් මිල අඩු වුණ නිසා මිල කොහොමත් අඩු විය යුතුයි.‘

(36698)



පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා කල් තබන බව මීට පෙර ප්‍රකාශකර තිබුණ ද ,   යළි  හෙට (16)  කැඳවීමට  පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.  



පාර්ලිමේන්තුව ලබන 21 වැනි දා තෙක් කල් තැබීමට තීරණය කර තිබේ.
 
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත.


පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙයි.


( පාර්ලිමේන්තුවේ දර්ශන )


කතානායකට හිංසා කරන්න හැදුවා

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
 
ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඔහුගේ නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමිනි.
 
‘‘ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදුකරන්නට උත්සාහ කළා.ගැටුම්කාරී තත්ත්වය තවමත් එලෙසමයි. මැර බලය පෙන්වුවත් කතානායකවරයා තදින්.තර්ජන ගර්ජනවලට අප බය නැහැ.  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා.‘‘


රනිල් වික්‍රමසිංහ මහතාත් සභාවෙන් පිටව යයි.


මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති.


කතානායකවරයා සිය අසුනෙන් නැගිට ඉවත්ව යයි.

 

(ඡායාරූප ලහිරු හර්ෂණ)


කතානායකවරයාගේ මේසය වටකරගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරති. 


සභාව මැද කේන්තියෙන් හැසිරෙන මහින්දානන්ද අලුත්ගමගේ මහතා අස්වැසීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ ගන්නා අයුරු දක්නට ලැබේ.


කතානායකවරයා අසලට ගොස් ඔහුගේ මේසය මතින් යමක් ඇදීමට උත්සාහ කළ මන්ත්‍රීවරයකුගේ අත තුවාල වන අයුරු දක්නට ලැබිණි.


මන්ත්‍රීවරු පිරිසක් කතානායක අසලට වී කතානායකට ආරක්ෂාව සපයමින් සිටිති. තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාව මැදට පැමිණියහ.


(සභාවේ ඝෝෂා)


ලක්ෂ්මන් කිරිඇල්ල - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හා එතුමාගේ කතාව සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මම යෝජනා කරනවා.
කතානායක  - සභාව එකඟද?මට තීරණයක් ගන්න බෑ . සභාව තීරණයක් ගන්න.


(36698) 

මහින්ද රාජපක්ෂ - මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා.

මම තමයි අගමැති. ජනාධිපතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම ලොකු දෙයක් නෙමෙයි මට. හිතන්න එපා අගමැතිකමට කතා කරනවා කියලා. කුඩා කාලේ ඉඳන් පාර්ලිමේන්තු ආවා. ඉපදිච්ච දවසේ ඉඳන් පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඊයේ වගේ දවසක් මම දැකලා නෑ.
 
පසුගිය ඔක්තෝබර 26 වෙද්දී ජනතාව හිටියේ ලොකු පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩා වැටීම, බදු බර, මහබැංකු මංකොල්ලය, දෙගුනයක් වැඩිවුණු පොලී අනුපාතය, රජයේ දේපොළ විදේශිකයන්ට විකිණීම සැරසීම, විදෙස් ගිවිසුම්වලට පිවිසීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණ කොමිස් ඉල්ලීම. අපි දැක්කා ජනාධිපතිතුමා එජාපෙ ආර්ථික කළමනාකරණ කොමිසම විසිරෙව්වා. 

ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළැයි කියන කතාව සාක්කිත් එක්ක අපිට අහන්න ලැබෙන්නේ. මේ තත්ත්වය එක්ක තමයි ජනාධිපතිවරයා තීරණය කළේ ආණ්ඩුවෙන් එජානිසය ඉවත් වෙන්න. ඒ එක්කම පැවතුණු ආණ්ඩුව විසිරෙව්වා. ඉන් පස්සේ ජනාධිපතිවරයා මට ආරාධනා කළා ආණ්ඩුවක් පිහිටුවන්නයි කියලා.මට තිබ්බා ඒක පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න.

මට ඕන නම් කියන්න තියන්න තිබ්බා යූඇන්පිය අවුරුදු හතරක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙං කියලා. තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට හිටියේ. අපිට යුතුකමක් තිබ්බා ජනාධිපතිතුමා අපිට වගකීම බාරදෙන කොට ඒ වගකීම බාර ගන්න.

2015 ජනවාරියේ ඉඳලා එජාපයේ විදේශ විනිමය නම විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක් අරගෙන තියෙනවා. මට ණය ණය ණය කියනවා. මේ ඉවක් බවක් නැතිව ණය ගැනීම තමයි වින්නැහිය. අපි පිහිටෙව්වේ අන්තර්කාලීන අය වැයක් විතරයි. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළාගත්තා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවුරුදු තුනක් ගියා. අද වෙනකොට සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් සභා විසිරුවලා. නමුත් ඡන්දය නෑ. ජනාධිපතිතුමා තමාට හිමි බලතල අනුව ඡන්දයක් කැඳෙව්වා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට එජාපය ජවිපෙ උසාවි ගියා ඡන්දයට එරෙහිව. 

මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුට එද්දි පෝස්ටරයක් දැක්කා ඡන්දෙකින් කාගෙද අයිතිවාසිකම් නැතිවෙන්නේ කියලා. මීට කලිනුත් පාර්ලිමේන්තු කලින් විසිරුවලා මහ මැතිවරණ තිබ්බා.

ඒකෙන් තමයි ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකෙන්නේ. මම අගමැති හැටියට දිවුරුම් දුන්න ගමන්ම රට පුරා නව බලාපොරොත්තුවක් පැතිර ගියා. අපි කතානායකවරයා ව්‍යවස්ථාවටත්, ස්ථාවර නියෝගවලටත් පටහැනිව විශ්වාස භංගයක් සම්මත කර ගත්තා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. ඡන්දයක් තියන්න ඕනෑ. කතානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැති ආයේ අගමැති වුණා කියලා හිටපු අමැතිවරු අමාත්‍යංශවලට ගිහින් තිබ්බා.

අගමැති පත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට දීලා නෑ. බලයක් නෑ කියලා දැන දැනයි බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ. දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මතගැටුමක් තියෙනවා. මේ අරාවුල මෙතන 225 විසඳගන්