(ටී.එල්.ජවුෆර් ඛාන්)
යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර පළාතේ ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) මඩකලපුවේ දී පැවසීය.
මඩකලපුව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස උසස් කිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට අගමැතිවරයා අද මඩකලපුවේ සංචාරයක නිරත විය.
පලාලි ගුවන්තොටුපොළ ප්‍රථමයෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස උසස් කෙරෙන අතර මඩකලපුව ගුවන් තොටුපොළත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස පරිවර්තනය වූ විට ඉන්දියාවේ සිට ගුවන්යානා මඩකලපුවට ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඍජුව පැමිණේ.
සංචාරක කර්මාන්තය සංවර්ධනය වූවොත් ආර්ථිකය දියුණු වන බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සංචාරක නිකේතන ශක්තිමත් වන බවත් සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වන බවත් අගමැතිවරයා එහිදී පැවසීය.
මෙම ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට පත් කිරීමේ ප්‍රධානතම හේතුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක නිකේතන හිමිකරුවන් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ අතර එම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් මහ ලේකම් මානික්කම් උදය කුමාර් මහතා,සංචාරක කර්මාන්තයේ හා ගුවන් තොටුපොළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලට වඩා අවශ්‍ය කොපමණ දේ තිබෙනවාද? කටුනායකට දිනකට පැමිණෙන්නේ ගුවන් යානා 60 -65 අතර ප්‍රමාණයක් අඩකට වඩා ගුවන් යානා ශ්‍රීලන්කන්... ඒ අතරම ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන්තොටුපල.. ඒ මදිවට තව ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වුවමනාද? නරකද මේ මුදල් පොදු මහජන ප්‍රවාහනයන් වන බස් සහ දුම්රිය වෙනුවෙන් යෙදවීම. සංචාරයකයන් ගැන මොන කතාද...? ලංකාවට එන සංචාරයකයින් ලෙස පිටරටවල් වල පුරවැසිකම ලබාගත් අයත් ගණන් ගන්නේ සංචාරකයන් ලෙස... සංචාරක කර්මාන්තය සංවර්ධනය වූවොත් ආර්ථිකය දියුණු වන බවත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සංචාරක නිකේතන ශක්තිමත් වන බවත් අගමැතිතුමා කීවත් එන්න කවුද ඉන්නේ? තව වසර ගණනාවක් යනතුරු සංචාරකයින්ගේ පැමිණීම ගැන හිතන්න බැහැ...
මෙන්න රටම ඉවරයි. ඔයවගේ වැඩවලින් තමයි ජාතික අසමගිය ඇතිවෙන්නේ.. ඔය සල්ලි අධ්‍යාපනයට යොදවන්න. අධ්‍යාපනයේ තත්වය තව වැඩි කරන්න.. එතකොට ඔබතුමාට මරණ මංචකයේ ඉන්න කාලෙකට එ්වායේ ප්‍රතිඵල බලාගෙනම ගියහැකියි.
ඔය සම්බන්ධයෙන් කමිටුවක් පත් කරනවද? නැතිනම් සම්මන්ත්‍රණයක් තියනවද?
අච්චර හොඳට හදපු ගුවන්තොටුපළේ වී ගබඩා කරලා ඒකට නිගාකරපු අය මුස්ලිම් ඡන්ද බලාගෙන තවත් නිවට වැඩ කරනවා. සාමාන්‍ය ජනයාව මේවට ඇන්දවෙනවා නම් ඔවුන් මන්දබුද්ධිකයන් විය යුතුයි.
මත්තල ගුවන් තොටුපල හදද්දී , ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් ලංකාවට වැඩක් නැහැ. බොරු වියදමක් කියල කිව්වේ,යුඑන්පියේ මේ අයම නේද? අනුර කුමරාත් කෑ ගැහුවා නේද? දැන් ඒ සහෝදරයා කොහෙද ? මේවගේ කුහක දේශපාලකයන් ඉන්න රටක් කොහොම දියුණු කරන්නද?
ඉන්දියාවෙන් එන සංචාරකයින්ගෙන් කොහෙද ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඒගොල්ලෝ එන්නේ එයාලගෙම ගුවන් යනවල. දැන් එව්වට එන්න අවසර දුන්නු නිසා. එද්දී කන්න ඒ රටෙන්ම චපාතිත් අරගෙනයි එන්නේ. යන්ද ඉස්සරවෙලා ගොයම් කපන කාලෙක එහෙම නම් එව්වගේ වැඩ කරලා ගානකුත් හොයාගෙන තමයි ආපසු යන්නේ. අන්තිමේ වෙන්නේ අපේ ගුවන් සිමාව ඉන්දියාවට හිතේ හැටියට පාවිච්චි කරන්න අවසර දුන්නු එකයි, පස්සෙන් පහු අපට රේල්පාරවල් දිගේ පයින් ඇවිදගෙන යන්න බැරි වෙන එකයි තමයි
මහත්වරුනි, ඒක නම් හොඳ අදහසක්. අපි පුත්තලමටත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හදමු. දැන් අලුතෙන් බොරු හොයන්න වෙලා මේ ගොල්ලන්ට. රටකට ගිය කලක්!!
අකුරනට, බේරුවලට, මන්නාරමට, පුත්තලමට සම්මන්තුරේට අක්කරෙයි පත්තුවට ත් ජාත්‍යනතර හදලා දෙන්න
ජනාධිපති වරනයට බදුර්දිලට සම්බන්ලට දිපු පොරොන්දු තමා මෙ ඉටුකරන්නෙ පලාලි ගුවන්තොටුපලත් ජාත්‍යන්තර එකක් කරනවා කිව්වා
මේ ගුවන් තොටවල් නොවේ ගුවන් කඳවුරු , දැන් ගුවන් හමුදාව මේ කඳවුරු වලින් ඉවත් කරන එක මේ විදියට කරනවා
මත්තල ගුවන් තොටුපොලින් දකුණේ ආර්ථිකේ ගොඩ ආපු හැටි ආදර්ශයට අරගෙන මේක කරන්නේ ඡන්ද වලිප්පුව හැදිලා නිසා නේද?
වී ගබඩා කරන්න වෙන්න ඇති.
එකක් වී ගබඩාවක් කෙරුවනේද? තව මොකටද? හදන්න වී ගබඩාවල් මිනිස්සුන්ගේ අස්වැන්න මිලදී අරගෙන ගබඩා කරන්න. මේ සනසන්න හදන්නේ කාවද? හිස්බුල්ලාවද?
පිස්සු වැඩක්. ජාතීන් අසමගි කරන තවත් වැඩක්..
රනිල් ඉන්න පැත්තවත් බලල චන්දෙ දෙන්න එපා. මෙවර බහුතර වුර්තිකයින් ඉන්නේ ගෝටාට මොකද හැමෝම දන්නවා රනිල්ගේ ආණ්ඩුව රටට කරපු නස්පැත්තිය