
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නෙළුම් කුළුණ විවිධ වර්ණයෙන් බැබලුනත් ජන ජීවිත දිනෙන් දින අඳුරු කළු වර්ණයට හැරෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(8) පැවසීය.
ජන ජීවිතය සමඟ සම්බන්ධ නොවන කොන්ක්‍රීට් වනාන්තර සංවර්ධනයෙන් ජන ජීවිත උසස් නොවන බව දිගින් දිගටම පෙන්වා දී තිබෙන බව කී දිසානායක මහතා සංඛ්‍යා ලේඛන දත්ත වලින් ඔබ්බට ගොස් ආර්ථික අර්බුදය ජන ජනජීවිතයට බලපෑම් කරන්නේ කෙසේදැයි දැන්වත් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.
2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදයේ දී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
ඕවා ඉතින් චීනා පෙන්නපු පාට පාට හීනනේ...
"නෙළුම් කුළුණේ ලස්සන පාට ජන ජීවිතවල නෑ" දියව් දියව් කුමාරයා කාලෙකට පස්සේ සුළුවෙන් හෝ ඇත්ත කියලා තියෙනවා... ඒ වුණාට ඔයාලගේ දරුවන් ලස්සනට වෙනත් රටවල හොඳින් ජීවත් වෙන බව කියලා නැහැනේ කලුකුමාරයෝ... එලෙසම රට අරාජිත කරන "බූරුවන් වන ජෙප්පන්" නිසා ලස්සන පාට විතරක් නොවේ.., ජන ජීවිතවලට අහිමි වෙලා තියෙන්නේ කුඩාවට හෝ තිබුණු සතුට නැත්තටම නැති වෙලා. ගොන් ජෙප්පන්ගේ රට අරාජිත කිරීමේ සැලසුමේ මූලික අදියරයන් වන උද්ඝෝෂණ, සහ වැඩ වර්ජන නිසා ජෙප්පන්ට අදත් මහපාරේ රස්තියාදු වෙනවා. අපේ කාලයත් කා දමමින් කියන මිනිසුන්ගේ සාපය තමයි ජෙප්පන්ට 300%ක්ම ලැබුනේ, ඊළඟ වතාවේ 100% විශ්වාස නැති බව නම් කිව යුතුයි...
රටේ මීලග බලාපොරොත්තුව අනුර විය හැකියි.
ඔව්, ඔව් ඔයාලා හින්දා පාසල් ළමුන්ටත් මේ දවස්වල පාටපාට ඉගැන්විලි නැහැ. කොහෙන් හරි ඕනේ "දියවු" පෝස්ටරයක්...
බාලාංශයේ ඉඳලා උසස් අධ්‍යාපනේ එදා ඉඳලා අද වෙනකල් විනාශ කරපු අය ... හැබැයි තමුන් ළමයි පිටරටවල 1971 ඉඳලා රට වල පල්ලට ඇදලා දමපු කුහක, කිසිම දෙයක හොඳක් නොදකින රට දියුණු වේගෙන එනකොට අකුල් හෙළන මොවුන්ට ඡන්දෙ දෙයි... 1975න් පස්සේ ඉපදුණු අතීතය නොදන්නා සුළු පිරිසක්....
විජේවීරගේ පක්ෂෙ විනාශ කළා. සීනුව අලියාගේ නැට්ටේ එල්ලුවා. ඒ කාලේ විජේවීරගේ වටේ හිටපු සීඑම්සී එක නායකත්වය ආරක්ෂා කරගෙන වැඩ කළා. දැන්.. සීඑම්සී එක පැත්තෙන් තියලා නායකයා තනියම වැඩ කරනවා. කෝ ලාල් කාන්තලා... ටිල්වින්ලා. එයාලට කැපිල්ල..
හැබැයි ඕගොල්ලෝ තමයි ලස්සනට තිබුණු රට නැතිභංගස්ථාන කලේ. දැන් අහනවා අවුරුදු 73ක් මොකද කලේ කියලා. ඔහෙලා එන්න කලින් රට හොඳට තිබ්බ නිසයි සිංගප්පූරුවේ ලී ක්වාන් යුන් කිව්වේ සිංගප්පූරුවත් ලංකාව වගේ කරනවා කියලා.. ඉන්දියාවෙන් මිනිස්සු පීනලා ලංකාවට ආවේ එ්කයි. ඕගොල්ලෝ 1971-1989 රටට කරපු නස්පැත්තියෙන් තවම අපිට ගොඩ එන්න බැහැ. ජෙප්පන් නැති වුණු කාලෙක ආයෝජකයින්, කර්මාන්තකාරයින්, ව්‍යාපාරිකයන් මේ රටට එයි. එතකන් ජනජීවිතය එළිය කරන්න බැහැ. ඔය ගොල්ලෝ අනික් මිනිස්සුන්ගේ වැරදි හොරකම් පෙන්නුව පලියට ඔබලාට බලය දෙන්න ඒක සුදුසුකමක් නොවෙයි. ඔබලාට හොඳට කරන්න බැරි බව අපි දන්නවා. තිබෙන ආණ්ඩු පෙරළයි නම් ඔබලාට ආණ්ඩුවක් ප්රජාතන්ත්රවාදය තුළ ගොඩනගන්න බැහැ. කෝ සල්ලි...?