IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි

(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ  ප්‍රතිපාදන අනුව   ජනාධිපති මැතිවරණයට අදාල  සියලු  ප්‍රචාරන කටයුතු   අද  (13)   මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර  ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස්   වීඩියෝ කර  ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ සඳහා ක්‍රියා කළයුතු  ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුවන් කර ඇති බවත් එවැනි ක්‍රියා  වීඩියෝ ගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා  දී ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම නිහඬ කාලය තුළ    ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් එම වීඩියෝ  දර්ශන මගින්  හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන  නඩු පැවරීමට කටයුතු  කරන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (4)

නිහඬ මැතිවරණ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරතවන්නන් වීඩියෝ ගතකරයි

Praba Wednesday, 13 November 2019 03:03 PM

සමාජ මාධ්‍යය හරහා වන ප්‍රචාරනය හා SMS හරහා කරන ප්‍රචාරනය ගැන යමක් කළ නොහැකි නම් ඔය නීතියෙන් ප්‍රයෝජනයක් තියේද?

:       0       16

chandima Wednesday, 13 November 2019 04:03 PM

මේ ගොල්ලෝ කරන්න යන්නේ සුද්දගේ කාලේ කොටකලිසම් අන්දපු රාලහාමිලා යොදාගත්තු සූක්ෂම උපක්‍රමනේ? අද කාලේ කවුද පාරේ බැහැලා හතරපස් දෙනෙකුට පෙනෙන්න ප්‍රචාරණ කටයුතු කරන්නේ? එක්කෝ එස්.එම්.එස් යවයි. නැතිනම් ෆේස් බුක් හරි, මැසෙන්ජර් හරි, වට්ස් ඇප් හරි යොදා ගනියි. තව ඕනෑ නම් රූපවාහිනියේ අද එකක් මැදට පියවි ඇහැට නොපෙනෙන, එහෙත් මනසට වදින, නිමේෂයක ඇඩ් එකක් දමයි. ඕනෑම නම් ඉතින් වීඩියෝ පිචර් එකක් ගැහැව්වට වරදක් නැහැ.

:       34       78

kavantissa Wednesday, 13 November 2019 06:02 PM

නීති රීති කැඩීම සිරිතක් කරගෙන සිටින සිංහල මිනිස්සුන්ට මේක ලොකු කජ්ජක්ද?

:       1       9

sharm warn Thursday, 14 November 2019 03:22 AM

අනේ අර ප්‍රවෘත්ති කියලා වැඩ සටහනක් තියෙනවා තනිකරම දේශපාලන පල්හෑලි විතරක් පෙන්වන. එකත් පොඩ්ඩක් වාරණය කරලා දෙන්නකෝ ඔය ගමන් ම... අපිට රටේ ලෝකේ වෙන වැදගත් යමක් කමක් බලාගන්න විදියක් ඇත්තෙම නැති වෙලා දැන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 672 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 851 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site