(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුලූ සැකකරුවන් තිදෙනකු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (09) නියෝග කළේය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මෙම සිද්ධියේ දහ වැනි සැකකරු වූ හිටපු ලුතින්න කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිඅරච්චි, එකොළොස්වැනි සැකකරු වූ නාවික හමුදාවේ සුලු නිලධාරී සංජීව ප‍්‍රසාද් සේනාරත්න සහ ‘අන්නාචි’ නමින් ආරූඪ නාමයෙන් හදුන්වනු ලැබූ නාවික හමුදා සුලු නිලධාරියාය.
මෙම සිද්ධියට අදාළ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී සිද්ධියේ අනෙක් සැකකරුවන් වූ නාවික හමුදා හිටපු ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඞී. කේ. පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන අයවලුන් ඇප මත සිටිමින් අද (09) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd