(ඩයනා උදයංගනී)
ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම කල්දමමින් සිටින එක්සත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී ගොඩනගන නව සන්ධානයේ කටයුතු සඳහා ද බාධා කරමින් සිටින බව මන්ත‍්‍රීවරයා කීවේය.
‘මලඉලව් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නිසා පක්‍ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා’ යැයි ද සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.
තමන්ට එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව ප‍්‍රකාශ කළ නිසා බව කී සරත් ෆොන්සේකා මහතා තමන් එම තීරණය අනුමත නොකරන නමුත් එය ඉල්ලාගෙන පස්සෙන් නොයන බව ද සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
නාමිකව, ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා වුවත් ප‍්‍රායෝගික නායකයා වන්නේ ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා හා සන්ධාන නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.
පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින ඇතැමුන් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී නැති, පාක්‍ෂිකයින් දෙදෙනෙකු හෝ ඒකරාශී කරගැනීමට නොහැකි අය බව කී මන්ත‍්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිතවතුන් පත්කර ගැනීමෙන් පක්‍ෂයට ප‍්‍රයෝජනයක් වන්නේ නැතැයි ද කීවේය.
ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛව ගොඩනගන නව සන්ධානය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ තමයි හොඳම... පබා, චතුර සහ මර්වින් දින්නෙත් ගම්පහින් තමයි.
ඔබතුමාට රනිල් ගැන තේරුනේ ප්‍රමාදවෙලා. රනිල් ඔබව ජාතික ලැයිස්තුවෙන් ගත්තේ රාජපක්ෂලාට ගහන්න මිස ඔබතුමාගෙන් රටට අවශ්‍ය ප්‍රයෝජන ගන්න නොවේ. නමුත් රනිල් රාජපක්ෂලාව සුරතල් කරමින් විනෝද වෙනවා. එ්ක ඔබට තේරුනේ ප්‍රමාද වෙලා. රනිල්ට ඔබගෙන් රටට ප්‍රයෝජන ගන්න ඕනේ නම්, ඔබව එදා ජනාධිපතිතුමාට නිර්දේශ කරන්න තිබුනේ ආරක්ෂක සහ පොලීසිය බාරඇමති ධුරයට... නමුත් ඔබව නිර්දේශ කලේ ඔබට කිසිසේත්ම නොගැලපෙන ග්‍රාමිය සංවර්ධන ඇමති ධුරයට... මෛත්‍රී ආරක්ෂක සහ පොලීසිය බාර ඇමති ධුරයෙන් ඔබව ප්‍රතික්ෂේප කලේ ඔක්තෝබර් ආණ්ඩු පෙරළියෙන් පසුවයි...
ඔබගේ කුහකකම් වලට දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවා.. අපි ඔබට අාදරේ කළ නමුත් ඔබගේ දේශපාලන ක්‍රමය හරි මගට ගන්න මිනිසුන් සමග ඇති වෛරය අඩුකර ගන්න ඔබ රටට වටිනා පුද්ගලයෙක්...
ගම්පහින් ඉල්ලලා දිනන්න පුළුවන්ද? ගියපාර ගත්තේ ඡන්ද 4000 ගණනක් නේද?
කෝපි කඩේට ගැලපෙන තවත් චරිතයක්...
පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕනේ. නායකත්වයට සහ පක්ෂ ව්‍යුහයට ගරු කරන්න ඕනේ. ෆොන්සේකා සජිත් එක්ක එකතුවෙලා හදන්නේ මේ ඒ පක්ෂ ව්‍යුහයට පහර දීලා විනාශ කරන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක්. එ්කේ අරෙහෙන්, මෙහෙන්, කනින්, කොනින් ඇදලා මැතිවරණ දිනන්න බැහැ. එ්කට පාක්ෂිකයන් කැමතිත් නැහැ. නායකත්වය වෙනස් කරන්න ඕනේ නම් ඒ සඳහා ජනමතයක් ගොඩ නගන්න ඕනේ. ඒ නැතුව තැන තැන විවේචනය කරලා නිකම් ඇනගන්න හදන්න එපා. ජනතාව එ්කට කැමති නැහැ. ඔය මොන සෙල්ලම් දැම්මත් මිනිස්සු කවුරුත් රනිල්ට අකමැති වුණත් ඔය වැඩ වලටවත් සජිත්ට පක්ෂේ යනවටවත් කැමති නැහැ. මෙතන කුල ප්‍රශ්නයක් තියෙන්නේ...
යුද්දෙට දක්ෂයි, දේශපාලනේට අදක්ෂයි.
දේශපාලනයට දක්ෂයිද? අදක්ෂයිද? යන එක තීරණය වෙන්නේ.. හොරකම් කළොත්ද..?
ගම්පහින් එන්න විශේෂ හේතුවක් තියේද මන්දා, දකුණෙන් එන්නී නැතිව ඇයි ගම්පහින් එන්නේ.?